ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු ඇමතිටත් කොරෝනා වෛරසය අසාදනයවි ඇති බව හෙළිවේ !

0
61

PETER-DUTTONඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් මහතාටද කොරෝනා වෛරසය අසාදනය වී ඇතිබව වාර්තා වේ.
මධ්‍යම රජයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ මන්ත්‍රීවරයෙකු සඳහන් කලේ අමාත්‍ය පීටර් ඩටන් හට අද (13 March) උදෑසන අවදිවන විටදී ශරීර උෂ්ණත්වයේ ඉහල යාමක් සහ උගුරේ වේදනාවක් තිබුන බවයි. ඉන් අනතුරුව සිදුකල පරීක්ෂණ වලදී කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වුනු බව අමාත්‍ය පීටර් ඩටන් මහතා තහවුරු කොට තිබේ….

ස්වදේශ කටයුතු (Home Affairs) පිලිබඳ අමාත්‍ය Peter Dutton මහතා මේ වන විට ක්වීන්ස්ලන්ත රෝහලට ඇතුලත්ව සිටී. ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සෞඛ්‍ය අංශ නිර්දේශ වලට අනුකුලව ප්‍රාන්තයේ යම් අයෙකුට කොරෝනා වෛරස අසාදනය වී ඇති බවට තහවුරු වුවහොත් එම පුද්ගලයා වහාම ක්වීන්ස්ලන්ත රෝහලට ඇතුළත් විය යුතුයි. එම ප්‍රතිපත්ති වලට අනුකූලව යමින් අමාත්‍යවරයා මේවන විට ක්වීන්ස්ලන්ත රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර සඳහා යොමුව සිටි.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ පුද්ගලයින් 150 කට වැඩි පිරිසකට මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර එයට ගොදුරු වූ පළමු ඕස්ට්‍රේලියානු දේශපාලනඥයා පීටර් ඩටන් මහතා වේ.
www.sbs.com.au