‘ඖෂධ මාෆියාවේ ඕනෑම අභියෝගයකට සුදානම්’ – රාජිත

0
119
රාජි

ඖෂධ මාෆියාවේ ඕනෑම අභියෝගයකට තමා සුදානම් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බව ප්‍රකාශ කරමින් “ඔමැක්ස් හෙල්ත් කෙයාර් (පුද්) සමාගම” විසින් මාධ්‍යයට නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් අමාතවරයා විසින් නිකුත්කළ නිවේදනයක එබව සඳහන්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

“මෙම ඖෂධ ආනයන සමාගම විසින් සිදුකර ඇති විෂමාචාර ක්‍රියා පිළිබද තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාගෙන තිඛෙනවා.

එහි සදහන් තොරතුරුවලට අනුව සහ ලැබී ඇති තවත් පැමිණිලි පදනම් කර ගනිමින් ඖෂධ මාෆියාවේ තොරතුරු හෙළි කිරීමට මම සුදානම්න් සිටිමි.

මාෆියාවේ අවවාද අනුශාසනා එපා :

තව ද එම මාෆියාවට සම්බන්ධව සිටින සාමාගමක අවවාද අනුශාසනා මා හට අවශ්‍ය නොවේ.

ඖෂධ මාෆියාවට එරෙහිව සටන් වැදීමට මා තීරණය කළේ ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ අරමුණිනි. මෙවැනි සමාගම්වල මාධ්‍ය නිවේදන මෙතෙක් ප්‍රමාද වුයේ ඇයි ද යන්න මට ඇති ප්‍රශ්ණයයි.
ජනතාවගේ සුබසෙත වෙනුවෙන් කරුණු රට හමුවේ ඉදිරිපත් කිරිමට මා පසුබට නොවෙමි. මෙම සමාගම පිළිබද මාධ්‍ය හමුවක දී මම කරුණු ඉදිරිපත් කළේ සියළුම සාක්ෂි සහිත ලිපි ලබාගැනීමෙන් අනතුරුවයි.”

“මෙම සමාගම විසින් අපේක්ෂා රෝහලේ සිදුකර ඇති පිළිකා ඖෂධ පිළිබද විෂමාචාර ක්‍රියා සිද්ධීන් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශණ සිදු කරයි.

මෙම ඖෂධ මාෆියාවට සම්බන්ධ සමාගම පිළිබදව හා විෂමාචාර සිද්ධීන් පිළිබද තොරතුරු ඇතුළත් දිර්ඝ වාර්තාවක් ඉදිරියේ දී සියළුම මාධ්‍ය ආයතනවලට නිකුත් කිරීමට ද මම බලාපොරොත්තු වනවා” යනුවෙන් ද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

Home