“කංජි” ත් ඇලජික් පොලිසියක් !

0
259

මුල්ලිවයික්කල් කංජි පිළිළෙ කරමින් සිටි ස්ත්‍රීන්ගේ නිවෙස්වලට මහ රෑ ගිය පොලිසිය ඔවුන් බි දිගේ ඇදගෙන ගොස් අත් අඩංඟුවට ගත් හැටි කියන විඩියෝ මේ නැෙගනහිර මාධ්‍යවේදින් සහ සමාජ මාධ්‍යකරුවන් විසින් සිය මාධ්‍යයන් ඔස්සේ බෙදා හැරෙමින් තිබේ

එම ජනයා සහ එම සංහාරය සිහි කරමින් මුල්ලිවයික්කකාල් කංජි’ බෙදා හැරීම සැලසුම් කල කිසිදු උත්සවයක් ඉදිරි දින 14 තුළ සිදු කිරීම තහනම් කරමින් පොලිස් නිලධාරීන් මූතූර් මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගිය 11 දා අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබුන බව ශ්‍රිලංකාව බ්‍රිෆ් වෙබ් අඩවිය විසින් වාර්තා කර ඇත

ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍රදේශයේදී මුල්ලිවයිකල් කංජි බෙදා දීමේ චෝදනාව මත කාන්තාවන් තිදෙනෙකු සාම්පූර් පොලිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි  ඔවුන් නම් 1.කමලේශ්වරන් තෙන්නිලා. 2.කමලේශ්වරන් විජිතා, 3.කලිරාජා සුජානිය.

තවද  ත්‍රිකුණාමලය දිස්ත්‍රික් දෙමළ ජාතික ජනතා පෙරමුණේ මන්ත්‍රී නවරත්නරාජා හරිහරකුමාර් (කරන්)  ද මුල්ලිවයිකල් කංජි  බෙදීම සම්බන්ධයෙන් සාම්පූර් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ගත් එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

මැයි 09 දිනය ඇතුළත් සතිය යුද්ධයෙන් මිය ගිය දෙමළ ජනයා සිහි කිරීමේ සතිය ලෙස සැලකේ.  ඝාතනයට ලක් වූ දස දහස් සංඛ්‍යාත දෙමළ ජනතාව සිහිපත් කිරීම සඳහා උතුරු-නැගෙනහිර පුරා සැමරුම් කටයුතු සිදු කෙරේ.

මෙම අධිකරණ නියෝගය මගින් පුද්ගලයන් පස් දෙනෙකුට අනුස්මරණය සම්බන්ධ කටයුතුවලට සහභාගි වීම තහනම් වුවද එම නියෝගය “සියලු ජනතාවටම අදාළ වන” බවත් ඔවුන් පාසල්වලට හෝ පන්සල්වලට රැස් නොවිය යුතු බවත් වාහන විරෝධතා ද සිදු කළ නොහැකි බවත් එහි සඳහන් වේ.

මේ අතර නැගෙනහිර මාධ්‍යක්‍රියාකාරිකයෙකු මිපුර වෙත කියා සිටියේ මෙවර මුල්ලිවයිකාල් සැමරුමට එරෙහිව පොලිසිය දැඩි මැදිහත්විමක් කරමින් සිටින බව පැහැදිලි පවය.

නැගෙනහිර ප්‍රදේශ කිපයකදි කංජි බෙදා දිම ඊයේ දිනයේ සිදුව තිබුණි.
අදත් ඇතැම් ස්ථානවල එය සැලසුම් කර තිබුන අතර පොලිසිය විශාල පිරිසක් ඒ ස්ථානවලට යොදවා ඇති  අයුරු නිරික්ෂණය කල බවද මාධ්‍ය ක්‍රියාකාරින් කියා සිටියහ