කකුල් දෙකක එළදෙන පැටියෙක් බිහිවේ..! ඇයට ඇවිදින්න උදව් කරන්න..!

0
285

Kakul_dekee_Gawayaමුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයේ ගව ගාලක කකුල් දෙකක ගවයෙකු බිහිවී සිටියි. ඇය එළදෙන පැටියෙකි.

ගව පට්ටියේ අයිතිකරු වන පී.සෙල්ලයියා මේ පිළිබඳව දැඩි කම්පාවකට පත්ව සිටින්නේ එම ගවයාට කිසිදු දිනක ආහාරයක් සොයාගෙන ගොස් කෑමට නොහැකිවීමත්, අඩුම තරමින් ජලය ඇති තැනකට ගොස් ජලය පානය කිරීමටවත් ඉඩක් නොලැබෙන නිසාය.

මෙම එළදෙනට කිසිම දිනක අනෙක් ගවයින් සමග රංචුවේ යාමට නොහැකි වීම ගැනද ගව පට්ටි හිමියා කම්පාවට පත්ව සිටියි.

සෙල්ලයියා පැටියා ගැන දැඩි කම්පාවෙන් පසු වුවත් පළාතේ වැසියන් විශාල පිරිසක් මේ අරුම පුදුම කකුල් දෙකේ එළදෙන දැක බලා ගැනීමට පැමිණෙමින් සිටිති.

දිනසේන රතුගමගේ- වවුනියාව

ලංකා ඊ නිව්ස් සටහන;

මේ සත්වයා වෙනත් ආබාධ වලින් නොපෙලෙන්නේ නම්, ඇයට ඇවිදීමට ක්‍රමවේදයක් හැදිය හැකිය. මෙවැනි සත්වයන්ගේ ශරීරයේ ඒ කොටසට සවිකෙරෙන රෝද මගින් ඔවුන් ඉතිරි ගාත් දෙක භාවිතා කරමින් අපූරුවට ඇවිදිනවා අප විසින් දැක තිබේ. ලංකා ඊ නිව්ස් මෙම ලිපිය පළ කරන්නේ ඒ සඳහා මැදිහත් විය හැකි ආයතනයක් හෝ පුද්ගලයෙකුගේ අවධානයට මෙම ප්‍රවෘත්තිය ලක් කළ යුතු නිසා ය. 

එවැනි අයෙක් වේ නම් මෙම වාර්තාව සැපයූ වවුනියාව මාධ්‍යවේදී දිනසේන රතුගමගේ මහතාගේ 0094 77 359 9842 දරණ දුරකථන අංකය අමතන්න 



උපුටා ගැනිම /ලංකා ඊ නිව්ස්