කච්චේරිය අසල නීතිවිරෝධි පදික වෙළදාමට අවසර දුන්න ලොක්කා කව්ද?

0
72
පදික වේදිකාවේ වෙළදාම

????????????????????????????????????

(4.30 pm ) මීගමුව  නගරයේ විවිධ තැන්වල  පදික වේදිකාවේ  කරන වෙළදාම් නිසා  ජනතාව  අපහසුතාවයට  පත්වඇති බව  සදහන්  කරමින්   අපට  නිරන්තර  දුර කථන ඇමතුම්  ලැබෙමින් තිබේ.
මේ පිළිබදව අප අදාල සියළුකිව යුත්තන්ගෙන් මෙන්ම  අදාල  වෙළදුන්ද    මුනගැසී   ඔවුන්ගෙන්  අප   මේ සදහා  අවසර   තිබේදැයි  විමසා සිටියෙමු.
එහෙදි එහි පාවහන් වෙළදාමේ නිරතව සිටින වෙළදුන් කියා සිටියේ   නගරසභාවෙන්   ඔවුන්ට  අවසර  ලබා දි ඇති බවය.
එහෙත් අප කළ විමසිම් වලදි නගර සභාවේ කිසිදු බලධාරියෙකු එවන් අවසරයක් ලබාදි ඇති බව පිළිගෙන නැත.
මෙසේ පදික වේදිකාව අවහිර කොට ඇති මෙම ප්‍රදේශය රථවාහන තද බදය වැඩි කලාපයකි.
මේ පිළිබදව අප කළවිමසුමකට පිළිතුරු දෙමින් රථවාහන පොලිසියේ ප්‍රධානියෙකු පවසා සිටියේ පදික වෙදිකාවේ වෙළදාම නිසා මතුව ඇති ගැටළුව සැලකිල්ලට ගෙන එය ඉවත් කර දෙන ලෙස නගර සභාවේ බලධාරින්ගෙන් අවස්ථා කිපයදිම ඉල්ලා ඇති බවයි.
ප්‍රධාන පෙළේ ව්‍යාපාරික අායතන කිපයක්ම මේ අවට ස්ථානගතව ඇති නිසා මේ තත්වය උදාවි  තිබේ.
මේ නිසාම එකි ස්ථානවලට එන වාහන නවතා ලිමට ඇති ඉඩකඩද මේ පදිකවේදිකාවේ වෙළදාම නිසා ප්‍රශ්ණයක්  වි තිබේ..
මේ සියල්ල දෙස බලන විට පෙනි යන්නේ කව්රුන් හෝ ලොක්කෙක් විසින් සිය අමතර ආදයම තකා වංගුවක් ගසා ඇති බවය.
ගමේ භාෂාවෙන් කියන්නේ නම් මාටියා ගසා ඇති බවය.
මේ මාටියා ගැසු ලොක්කා කව්දැයි අප නුදුරේදිම හෙළිදරව් කරන්නෙමු.