කට්ටුදැල් ධීවරයන්ගේ තොටුපළේ භුක්තිය ගුරුගේට දුන්නේ කව්ද ?

0
93

කලපු ජැටිය ගුරුගේට

(2.45 pm ) දැනට  වසරකිහිපයකට  ඉහතදි ඉතා අලංකාර අන්දමෙන් සැකසෙමින් තිබුණ  මීගමුව කලපුව ආසන්නයේම වන ජැටියකි.හැමිල්ටන් ඇල සංවර්ධන ව්‍යපෘතියට අනුබද්ධිතව ජයිකා ජපන් ආධාර යටතේ මෙය  ක්‍රියාත්මක බැව් පැවසෙන දැන්වීම් පුවරුවක්ද  ඒ සමිපයේම විය.

විදේශිය ආධාර මත ගොඩනැගුණ ව්‍යාපෘතියේ පාලනය මීගමුව මහනගර විසින් පාලනය කරනු ලබන බවක් පෙනුනි.
එහෙත් මේ සියළු ආයෝජනයන්ගේ ප්‍රතිලාභයන් මීගමුවේ එක් ප්‍රබල ව්‍යාපාරිකයෙකු විසින් භුක්තිවිදිමට නියමිත බව අප මීට වසර කිපයකට ඉහතදි මීගමුවේ ජනතාව වෙත හෙළිකර සිටියෙමු.

අපි විසින් දිගින් දිගටම හෙළිකරමින් සිටි මේ සත්‍යය වසන් කිරිම සදහා වරක් මීගමුව නගරාධිපතිවරායා විසින් දැන්විම් පුවරුවක් පවා සවිකරමින් මෙම ස්ථානය ධීවරයන්ගේ තොටුපළක් සහ ජැටියක් යැයි ජනතාව ඉදිරියේ සපථ කරසිටියේය.
එයට අනුව මෙය කට්ටුදැල් ධීවරයන්ගේ ඔරු නැවත්විමේ තොටුපළකි.
කිසිදු පුදගලික ව්‍යාපාරිකයෙකුගේ  දේපොලක් නොවේ.
මීගමුව හිටපු නගරාධිපතිවරයා  විශේෂයෙන්ම මෙවැනි  දැන්විමක් පළ කළේ ඇයිදැයි අප එදා ප්‍රශ්ණ කර සිටියෙමු ?
සමාන්‍යයෙන් අපේ දේපලක් තර්ජනයකට ලක්ව ඇත්නම්  තර්ජනයට ලක්විමේ අවධානමක් ඇත්තේ නම්  එහි අයිතිකරුවන් සිය අයිතිය යළි තහවුරු කර සනාථ කිරිම සදහා මෙසේ විශේෂිත දැන්විම් පළ කරති.
එහෙත්  දැන් ඒ සියල්ල බොරුවක් බවට  පත්ව හමාරය.
අපි එදා කි කථාව දැන් ඇස් පනාපිටම සනාථ වෙන්නට පටන්ගෙනය.
දැනට මෙහි ගුරුගේ නම් ව්‍යාපාරිකයා සංචාරකයන් සදහා සුපිරි බෝට්ටු සේවාවක් පවත්වාගෙන යන අතර මේ සේවාව සදහා ප්‍රවේශපත් නිකුත් කිරිමට දැකුම්කළු කාර්යාලයක් මෙහි තනා ඇත.
ඒ අනුව මෙය කාගේ දේපලක්ද?
කට්ටුදැල් ධිවරයන්ගේ තොටුපල දැන් එහෙම පිටින්ම ගුරුගේ නම් ව්‍යාපාරිකයාගේ භුක්තිය යටතට පැවරි ඇති සෙයකි.

ඒ තවත් තහවුරු කරමින් ගුරුගේ විසින් එහි නියෝග දි ඇත්තේ ඒ ස්ථානයේ ගාල් කළ හැක්කේ ඔහුගේ හෝටලට යාමට එන වාහන පමණක් පවද සදහන් කරමිනි.
මේ දේපොල ගුරුගේ විසින් දැනට සිය ව්‍යාපාරික කටයුතු සදහා යොදාගනු ලබන්නේ නගර සභාවේ අවසරකින් තොරවද?
එසේ නම් එවැනි අවසරයක් ලබාගෙන ඇත්තේ කවදාද?
මේය කට්ටුදැල් ධීවරයන්ගේ  තොටුපල නම් එය ව්‍යාපාරිකයෙක් හට පරිහරණයට ඉඩ දි ඇත්තේ කට්ටු දැල් ධීවර සමිතියේ  දැනුවත් භාවය මතද?
ඉහත අප විසින් මතුකළ සියළු ප්‍රශ්ණ වලට පිළිතුරු දැන් ලැබි ඇත.
එනම් හැමිල්ටන් ඇලේ සංචාරක බෝට්ටු සේවාවක් පවත්වාගෙන යෑම වෙනුවෙන් මාසිකව රු 55000 බදු මුදලකට දැන් මේ ජැටියේ අයිතිය ගුරුගේට අයත් රජ්ජුරුවන්ගේ දුපතට ලබාදිම  සදහා නගර සභාව වසර 3 ක බදුගිවිසුමකට පසුගිය කාලය තුල අත්සන් කර තිබුණි.
ඒ අනුව පෙනි යන්නේ විදේශාධාර මත ඉදිකෙරෙන මීගමුවේ සියළු සංවර්ධන ව්‍යාපෘතින්ගේ පාලනය හා එහි ප්‍රථිලාභ මීගමුව මහනගර සභාව විසින් පුද්ගලික අංශයට කිසිදු හිරිකිතයකින් තොරව පවරා දි ඇති බවය.
මීගමුවේ බදු ගෙවන ජනයාට ඇති ඇත්ත අභියෝගය වන්නේ බදුමුදල් වල මෙන්ම දෙස් විදෙස් ආධාර මතින් සිදුකරනු ලැබු සහ සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘතින්හි ප්‍රතිලාග මීගමුව මහනගර සභාවටත් ඒ මගින් මීගමුවේ බදුගෙවන ජනයාටත් ලැබෙන අයුරින් සැකසිමට පියවරයන් ගැනිමය.