කට්ටුව, දෙපාඇල ප්‍රදේශයේ ජලගැලීම් අවදානම පහව යයි ද ??

0
223

මීගමුව, කට්ටුව දෙපා ඇල ප්‍රදේශයේ වෙසෙන ජනතාවට දැඩි පීඩාවක් සහ දුෂ්කරතාවන් රැසක් ඇති කරමින් ඇති වී තිබෙන ජල ගැලීම් තත්වය නිරීක්ෂණය කිරීම සඳහා මීගමුව ප්‍රාදේශීය⁣ ලේකම්වරිය පසුගිය 27 වැනි දින (2024/11/27): එම ස්ථානයට පැමිණ තිබිණි.
එහිදී ඇය නාගරික කොමසාරිස් වරියවද ද දැනුවත් කරමින් පවසා සිටියේ මේ ප්‍රදේශයට ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එම විශාල ජල ප්‍රමාණය බැස යාමට නම් දෙපා ඇලේ ද්විත්ව මාර්ගයක් සදහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කර ඇති ඉදිකිරීමක් වෙනුවෙන් එම ස්ථානයේ අනෙක් පස ඉතිරි වී ඇති තහඩු, සිමෙන්ති බැමි සහ වැලි කොට්ටා වැනි සියලු දේ එම ස්ථානයෙන් ඉතා ඉක්මනින් ඉවත් කළ යුතු බවයි.

img 20241129 wa00806101297625541034871

img 20241129 wa00786468242642361420021

img 20241129 wa00766120706906325107510

img 20241129 wa00752925473268038458705

ඒ සදහා පසුගිය 28 වැනි දින මීගමුව නගර සභාවේ බැකෝ යන්ත්‍ර දමා ඒ සියල්ල එම ස්ථානයේන් ඉවත් කිරීමට සැලසුම් කර තිබිණි.

ඒ අනුව පසුගිය 28 වැනි දින පෙරවරු 9.00 ට පමන එම ස්ථානයට තාක්ෂණය නිලධාරීනියන් දෙදෙනෙක් ,නාගරික සැලසුම් අංශයේ නිලධාරිනියක් සහ නාගරික ඉංජිනේරුවරයා පැමිණ එම ස්ථානය නිරීක්ෂණය කර තිබිණි.

එලෙසම එම ස්ථානයේ තහඩු හා සිමෙන්ති බැමි ඇතුළු සියල්ල ගලවා ඉවත් කිරීම සඳහා බැකෝ යන්ත්‍රයක් කලින්ම මෙම ස්ථානයට ගෙනවිත් තිබිණි. එහෙත් ඒ වනවිටත් එම බැකෝ යන්ත්‍රය දිය මතුපිට රඳවා තබන පහුරක් ලෙස සකස් කල බාඡ් එකක් එම ස්ථානයට රැගෙන ඇවිත් නොතිබිණි. එම ස්ථානයට බාජ් එකක් ගෙන එන විට පෙරවරු 11.00 පමණ විය.

ඉන්පසුව බැකෝ යන්ත්‍රය දෙපා ඇළට බැස්සවීම සඳහා එම බැකෝ යන්ත්‍රය බාජ් එකට සවි කරමින්
බැකෝ යන්ත්‍රය දෙපා ඇලෙහි දිය මතුපිටට ගෙන එනවාත් සමග බැකෝ යන්ත්‍රය දෙපා ඇළට වැටී තිබේ. ඉන් පසුව එම සේවකයන් මහත් පරිශ්‍රමයක් දරා එම බැකෝ යන්ත්‍රයත් ඊට සම්බන්ධ කර ඇති බාජ් එකත් ගොඩට ගෙන, බාජ් එක ගෙන ආ ට්‍රැක්ටර් රථයේම පටවා ගෙන නැවත රැගෙන ගොස් ඇත.
එහෙත් ඊයේ සවස් වන විට එම බැකෝ යන්ත්‍රය සවිකිරීම සඳහා වෙනත් බාඡ් එකක් එම ස්ථානයට රැගෙනවිත් දෙපා ඇලේ ඉතිරි වී ඇති අනෙකුත් තහඩු සහ සිමෙන්ති බැමි ආදිය ගලවා දැමීමත් ඉවත් කිරීමත් ආරම්භ කර තිබේ. ඊයේ සවස එම ස්ථානයට එම වසමේ ග්‍රාම නිලධාරිනී ද ප්‍රදේශවාසීන්ද පැමිණ තිබිණි.

img 20241130 wa00193093858096848252929

img 20241130 wa00206949793603157246346

img 20241130 wa00215502164410817459732

ඒ අනුව අද (30/11) පෙරවරුවේදීත් එම කටයුතු අඛණ්ඩව සිදුකරමින් පවතින බව වාර්තා වුණි. එමෙන්ම අද දිනයේත් එම වසමේ ග්‍රාම නිලධාරීනිය සහ පෙරියමුල්ල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියද එම ස්ථානයට පැමිණ එම කටයුතු නිරීක්ෂණය කරමින් සිටන බවද වැඩිදුරටත් වාර්තා වුනි

ඒ අනුව කට්ටුව දෙපා ඇල ප්‍රදේශයේ වෙසෙන ජූඩ් පෙරේරා මහතා ඇතුළු ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුම සඳහන් කළේ පසුගිය කාලයේ පුරාවටම සුළු වැසි තත්වයකදී පවා එම ප්‍රදේශයේ ජලගැලීම් තත්ත්වයක් ඇතිවූයේ දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ඉදිකරන්නට යෙදුණු මෙම ඉදිකිරීම් සඳහා යොදා තිබූ තහඩු, සිමෙන්ති බැමි සහ වැලි කොට්ටා ආදිය නිසා බවයි.

ඒවා සියල්ල ඉවත් කරදී වැසි ජලය නිසි ආකාරයෙන් ගලා යන්නට කටයුතු සිදුකළ මීගමුව ප්‍රාදේශීය ලේකම්වරියටත්, නාගරික කොමසාරිස් වරියටත්, එමෙන්ම නාගරික ඉංජිනේරුවරයාටත්, තාක්ෂණ නිලධාරිනියන්, සහ ග්‍රාම නිලධාරීනියන් ඇතුළු සියලුම කම්කරු සේවකයන්ටත් සියලු ප්‍රදේශවාසීන් වෙනුවෙන් ස්තුතිය පුදකරන බවද ඔවුන් එහිදී වැඩිදුරටත් පැවසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here