කට්ටුව, රුවන් දිල්සිරි ඝාතන නඩුවේ සැකකාර මාර්ක් සුජිත් මංතී‍්‍රවරයාගෙන් විශේෂ ප‍්‍රකාශයක්.

0
93

කඩුවකින් කපා පුද්ගලයෙකු ඝාතනය කලේ යැයි දැනට සැක පිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මීගමුව මහා නගර සභාවේ ආන්ඩු පක්ෂයේ  මාර්ක් සුජිත් නාගරීක මංතී‍්‍රවරයා ජුලි මස 06 වැනි බදාදා දින පස්වරුවේ නගර සභාවේ පැවති ජුලි මස මහා සභා රැුස්වීමට සහභාගී වී විශේෂ ප‍්‍රකාශයක් කලේය. අධිකරණයෙන් ලද විශේෂ අවසරය මත බන්ධනාගාර නියාමක වරුන්ගේ ආරක්ෂාව මධ්‍යයේ මෙම නාගරීක මංතී‍්‍රවරයාට ජුලි මස මහා සභා රැුස්වීම සඳහා සහභාගී වීමට අවසර ලැබි තිබිණි.  මහා සභාරැස්වීමේ යෝජනා ඉදිරිපත් කිරීමට පෙර නගරාධිපතිධුරයේ වැඩ බලන සේපාල මොරවක උපනගරාධිපතිවරයාගෙන් ලද අවසරය මත ඔහු මෙම විශේෂ ප‍්‍රකාශය කලේය.
මේ එම ප‍්‍රකාශයේ සංක්ෂිප්තයකි.. …
‘‘ ගරු නගරාධිපතිතුමෙනී දැනට මාස 02 කට 03 කට කලින් කට්ටුව සාන්ත ප‍්‍රැන්සිස් සාලිස්  විදුහලේ විශේෂ රැස්වීමක් පැවැත්වුණා. එම රැස්වීම පවත්වන්නට මුලික අරමුණ වුයේ අපේ ග‍්‍රාමයේ ආරක්ෂාව සම්බන්ධවයි. මෙම රැස්වීමට අපේ දේවස්ථානයේ දිනේෂ් පියතුමයි, මීගමුව මුලස්ථාන පොලිස්
පරීක්ෂක තුමයි සහභාගී වුනා. එහිදී ගම් වැසියන් පිරිසක්ද සහභාගී වුනා. එම රැස්වීමේදී දිනේෂ් පියතුමා ප‍්‍රකාශ කලා දේවස්ථානය ඉදිරිපිට ගනිකා මඩමක් පවත්වා ගෙන යනවා කියලා. ඒ අවස්ථාවේදී රැස්වීමට සහභාගී වෙලා හිටිය මුලස්ථාන පොලිස් පරීක්ෂක තුමා, පියතුමා ඉදිරිපිටම පොරොන්දු වුනා එම ගණිකා නිවාසය වටලලා එම ගණිකා නිවස පවත්වාගෙන යාම නතර කරනවා කියලා. එහෙම කියලා  මුලස්ථාන පොලිස් පරීක්ෂක තුමා එම ගනිකා නිවාසය වටලලා තිබුණා. නමුත් නැවත වරක් ඒ ගණිකා නිවාසය කි‍්‍රයාත්මක වුනා, පෙර තිබුණ තත්වයටත් වඩා සුපිරි තත්වයට ,එය නැවත කි‍්‍රයාත්මක වෙන්න පටන් ගත්තා.      මෙයට අපේ දිනේෂ් පියතුමත් , ගම්වාසීන් අතරත් දැඩි විරෝධත්වයක් තිබුනා. එදා ජුනි 10 වෙනිදා මට ආරංචි වුනා ගමේ තරුණ පිරිසක් එදා මේ ගණිකා මඩමට ගහනවා කියලා. ඒවාගේම මේ ගණිකා නිවසේ අයිතිකරුගේ සහෝදරයාව අනපේක්ෂිත අයුරින් මිය ගියා කියලත් ආරංචි වුනා. එම සිදුවීම නිසයි මට මේ විදිහට අද රක්ෂිත බන්ධනාගාර ගත වෙන්න සිදු වුනේ. මාව මේ සිදු වීමට සම්බන්ධ කරලා තියෙන්නේ දේශපාලනයේ නියැලෙන එක් පුද්ගලයෙකු හෝ තැනැත්තියකගේ උවමනාවටයි. මාගේ ගමේ ජනතාව වෙනුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත වෙන්න විතරක් නෙමෙයි හිර ගෙදර යන්න වුනත් මම ලැහැස්තියි. හැබැයි මින් පසු අපේ ග‍්‍රාමයේ මත්කුඩු ජවාරම් , ගණිනා නිවාස කි‍්‍රයාත්මක වෙන්න ඉඩ තියන්නේ නැති බවත් ප‍්‍රකාශ කරන්න කැමතියි ’’ .
මේ අවස්ථාවේදී එම මංතී‍්‍රවරයාව දැක බලා ගැනීමට මංතී‍්‍රවරයාගේ පවුලේ උදවිය සහ නෑ හිත මිතුරන් ඇතුළුDSCN9870 newDSCN9873 new වීශාල පිරිසක් මීගමුව මහා නගර සභාවේ මහජන පේ‍්‍රක්ෂකාගාරයට පැමිණ සිටිනු දක්නට ලැබීණි.

මේ ඝාතනය සිදුවුයේ පසුගිය ජුනි 10 දින රාතී‍්‍රයේදීය.  එම ඝාතනයෙන් මිය ගියේ කට්ටුව ප‍්‍රදේශයේ පදිංචිව හුන් රුවන් දිල්සිරි ෆොන්සේකා නැමැති දෙදරු පියෙකි.මෙම ඝාතනය සම්බන්ධයෙන් මිය ගිය දිල්සිරි මහතාගේ බිරිද ,මව සහ පුතණුවන් මෙම ඝාතනය මාක් සුජිත් මන්ත්‍රීවරයා විසින් කඩුවකින් කපා සිදුකළ බවට අධිකරණයට කරුණු අවධාරණය කර තිබේ.