කට්ටුව හන්දියේදී අනතුරට ලක්වූ හදුන් දිවියා

0
446

2012 ජුලි 10 වන අගහරුවාදා රාත්‍රි 11.00 ට පමණ  මීගමුව කට්ටුව මංසන්දියේ දී හදුන් දිවියෙකු වාහනයක ගැටි අනතුරකට ලක්ව තිබුණි.මෙම  අනතුරින් හදුන් දිවියාගේ දකුණු ඇසට  තුවාල සිදුව තිබුණි. මෙම සිදුවිම වාර්ථා විමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් ද පැමිණි සිටියද  හදුන් දිවියා රැගෙන යාම තරමක ගැටළුවක් වි තිබුනේ   දිවියාගේ එක් ඇසකට බරපතල ලෙස තුවාල වී තිබිම හේතුවෙනි.

මෙවන් තත්වයට මුහුණ දිමට කිසිදු සුදානමකින් පැමිණ නොසිටි පොලිස් නිලධාරින් වෙත මෙම දිවියාගේ ඇසෙහි තුවාලයට හානි නොවන අයුරින් පොලිසියට ගෙනයාම සදහා  එතැනට පැමිණ සිටි  විදේශික කාන්තාවක් ද සහය ලබාදි තිබුණි ඒ ඇය සතුව තිබුන විශාල තුවායක් දිවියාව ඔතාගෙන යාමට ලබාදිම මගිනි. මීගමුව පොලීසිය වෙත රැගෙන ගිය හදුන් දිවියාව පසුව වනජීවි කාර්යාලයේ නිලධාරීන්ට බාර දි තිබුන අතර   වනජීවී දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලයේ නිලධාරියෙකුගෙන් අපි මේ ගැන විමසූ විට ඔහු කියා සිටියේ එම හදුන් දිවියා පශු වෛද්‍යවරයෙකුට යොමු කොට සුවවූ පසු මුදා හරින බවයි.

හදුන් දිවියා  කුඩා වන ලැහැබක වුව ජීවත්වන සතෙකු වන හෙයින්   නාගරික ප්‍රදේශවල පවා පදුරැ සහිත කුඩා වන ලැහැබ උගේ වාසස්ථාන විමට ඉඩ ඇත. තමන්ට අනතුරක් නොමැති නම් හදුන් දිවියා මිනිසුන්ට  හානි කිරීමට   පෙළඹෙන්නේ නැති බව අප වෙත කරුණු දක්වා සිටි වනජිවි නිලධාරින්ගේ පවසා සිටි අතර  මීගමුව, කටුනායක ප්‍ර දේශවල මීට පෙර අවස්ථාවලදිද මෙසේ  හදුන් දිවියන් සිටින බවට තොරතුරු වාර්ථා වි ඇති අතර කටුනායක ප්‍රදේශයේදි ද  හදුන් දිවියන් හමුවී ඇති බව පවසා සිටියේය.

හදුන් දිවියෙකු  හමුවුවහොත් හෝ අනතුරකට ලක්විමක් පිළිබදව දැනුම් දිය හැකි දුරකථන අංක – 011 2888585 – වනජීවී දෙපාර්තමේන්තුව මූලස්ථානය – බත්තරමුල්ල
                          033 -2230093 – බ/ප  කලාප සහකාර අධ්‍යක්ෂක කාර්යාලය

ඡායා – ලාල්  ලක්ෂ්මන් ප්‍රනාන්දු