කටානෙත් කුඩු ?

0
95

මේ දිනවල කටාන ප්‍රදේශයේ  කුඩු හෙවත් මත්කුඩු   අළෙවිය වැඩිවී ඇති  බවත්  එය මහත් සමාජ උවදුරක්  බවට පත්ව ඇති බව වාර්තා වේ.  සමෘද්ධිගම,කදසුරිදුගම,  වැනි ජනපද වල මේ තත්ත්වය උග්‍රව සිදුවන බවත් කිසිදු පොලීස්   වැටලීමක් හෝ අත්අඩංගුවට ගැනීමක් මේ වනතෙක්  සිදුනොවන බව  ප්‍රදේශවාසීන් පවසති.
පසුගිය දිනක මත්කුඩු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිදුකළ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් කීවේ මේ රජය යටතේ තමයි කුඩු වැඩියෙන්ම අල්ලන්නේ කියායි. එසේ අල්ලනවා නම් මෙලෙස කුඩු ව්‍යාප්ත වන්නේ කෙසේ දැයි ප්‍රශ්නයක් මතුවේ. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී කටාන අක්කර පනහා හන්දියේ  නීති විරෝධී ලෙස  ‘සූඩෝල්’ නමැති ඔෂධය   අළෙවි කළ,  වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු ව අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකළ අතර මාස කීපයකට පසු ඔහු ඇප ලබා නිදහස් විය. මේ සමගම මත්පෙති  අලෙවි කල පුද්ගලයන් අත්අඩංගුවට ගැනන අතර , එයද ක්‍රමයෙන් නැවතිනි. එම වැටලීම් සිදුකරන ලද්දේ මිගමුවට පැමිණි නව පොලිස් අධිකාරීවරයෙකි.  ඔහුද දැන් නැත. නමුත් නිතියේ ක්‍රියාත්මක කරන්නට පුද්ගලයන් වැදගත් නැත.
එවැනි වැටලීමක් සිදුකරන විට පොලීසිය මාධ්‍ය ද දැනුවත් කර මහත් ප්‍රසිද්ධියක් ,ප්‍රචාරයක් ලබාගනිමින් මෙම වැටලීම් සිදුකරන අතර, ඉන්පසුව මාධ්‍යට ද මෙම සමාජ ප්‍රශ්නය  ගැන සොයන්නට අමතක වෙයි. මාධ්‍යවේදීන්  මත්කුඩු සම්බන්ධයෙන් වාර්තා කරන්නේ කුඩු පොලීසියෙන් ඇල්ලුවොත් පමණි. නැත්නම් එයට ප්‍රවෘත්තිමය  වටිනාකමක් නැත.
කුඩු තිබුණාට කමක් නැත. පත්තරේ දාන්නට නම් කුඩු අල්ලන්නට ඕනෑය. මෙම ප්‍රශ්නයේ ගැඹුර , විනිවිදින්නට තරම් මාධ්‍ය ප්‍රවේශයක් නොමැත.
වාර්ත වන අන්දමට කටාන ප්‍රදේශයේ දැන් මෙම කුඩු ජාවාරම ස්වයං රැකියාවක් සේම සිදුකරනු ලබයි. කටාන ප්‍රසිද්ධව පවතින්නේ ගිණිකෙලි කර්මාන්තයටය. නමුත් දැන් මත්ද්‍රව්‍ය ජවාරමද ඉදිරියෙන් සිටියි.
කටාන යනු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරයාට විශාල ජනබලයක් තිබෙන ආසනයක් වන අතර මේ වනවිට එය නියෝජනය කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රන්නාදුප්ල්ලේ මැතිණිය විසිනි. ඇයද ගිය වසරේ මෙම මත්ද්‍රව්‍ය අලෙවියට එරෙහිව පාරට බැස විරෝධය දැක්වූවාය. නමුත් ඒ සියලු උත්සාහයන් පරාජය කර මත්ද්‍රව්‍ය අළෙවිකරුවන් ජය්‍රහණය කර ඇති බව පෙනේ.sudol-300x200

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here