කටානෙන් පෙත්සමක්

0
81

මහා සභා නියෝජිත
සී/ස කටාන විවිධ සේවා සමුපාකාර සමිතිය
සමුපාකාර සමිතිය
දෙමංහන්දිය

සමුපාකාර සංවර්ධන කොමසාරිස්තුමා
බස්නාහිර පලාත
ස. සං. දෙපාර්තමේන්තුව
ආදිපාද වීදිය
කොළඹ 01

මහත්මයාණෙනී,

අධ්‍යක්ෂ මණ්ඩලයේ දූෂිත පාලනය.

පසුගිය කාල පරිච්චේදය තුලදී කටාන විවිධ සේවා සමුපාකාර සමිතිය තුල විවිධ දුෂන වංචා සහ නීතිවිරෝධී වැඩ විශාල ප‍්‍රමානයක් සිදු වී ඇත. පහතින් සඳහන් කර ඇති මෙම චෝදනා ගැන විධිමත් පරීක්ෂනයක් පවත්වන ලෙසටත් එතෙක් මෙම අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැර පාලනය නව අධ්‍යක්ෂ මණ්ඩලයකට හෝ සුදුසු පියවරක් ගන්නා ලෙස මහා සභා නියෝජිතයින් වන අප ඉල්ලා සිටිමු .

01. මහා සභාවෙන් හා කොමසාරිස් තුමාගේ අනුමැතියෙන් තොරව මිලියන ගනන් වැයකර ගොඩනැගිලි
ඉදිකිරීම.
02. ඉහත ගොඩනැගිලි ඉදි කිරීම සඳහා මුදල් ලබා ගෙන ඇත්තේ ගනුදෙනු කරුවන් තැන්පත් කර ඇති
ඉතිරි කිරීමේ මුදල් වලින් එය අයථා මුදල් පරිහරනය කිරීමකි.
03. මහා සභා අනුමැතිය නොමැතිව හා ටෙන්ඩර් කැඳවීමෙන් තොරව හීනටියන හා ද. ලියනගේමුල්ල
ප‍්‍රදේශවල සමිතියට අයත් නිවෙස්වල දේපල විකිණීම.
04. අක්කර 50 හා කිඹුලාපිටිය ග‍්‍රාමීය බැංකුවල ව්‍යාජ රන්භාන්ඩ උකස් ගැනීම කල ලිපිකරුට මෙතෙක්
කිසිදු පරීක්ෂන නොකිරීම.
05. සීදුව ග‍්‍රාමීය බැංකුවේ ගනුදෙනු කරුවන්ගේ ස්ථීර තැන්පත් මුදල් ලක්ෂ 16 ක් වංචා කිරීම කූට ලිපි
සකස් කිරීම හා පරිඝනක දත්ත වෙනස් කිරීම් කල ලිපිකරුට කිසිදු විභාගයක් නොකිරීම.
06. කොච්චිකඬේ ලෝහ භාන්ඩ ශාඛාවේ ලක්ෂ 14 ක වංචා සිදුවීමෙන් පසු එහි කළමනාකරුට විරුද්ධ
කටයුතු නොකිරීම හා එම ශාඛාව පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට පැවරීම දැන් එම  පෞද්ගලික
හිමිකරුගේ දිනක වෙළදාම ලක්ෂ 03 ඉක්මවයි.
07. සීමාවන් ඉක්මවා සේවකයින් බදවා ගැනීම ඇතැම් සේවකයන්ට කොමිෂන් සභා අනුමැතියෙන් තොරව
ඉහල වැටුප් ගෙවීම එමෙන්ම ලේකම් තනතරු 02 කි. බැංකු සේවා තනතුරු 02 කි.
08. වැලිහේන ප‍්‍රදේශිකයේ ලක්ෂ 11 ට ආසන්න මුදලක් වංචා කොට ඇත. පරීක්ෂනයක්ද නොමැත.
09. දැවමොට්ටාව ප‍්‍රාදේශිය බැංකුවෙන් ලක්ෂ 25 ක ණයක් එක් පුද්ගලයෙකුට දී ඇත. ඔහු කිසිදු මුදලක්
ආපසු ගෙවා නොමැත.
10. කිසිදු වටිනාකමක් නොමැති මුඩු ඉඩම් සඳහා ණය මුදල් ලබා දී ඇත. එම ණය ආපසු අයකර ගැනීමට
පියවරක් නොමැත.
11. මෙවැනි අක‍්‍රමිකතා මෙම සමිතිය තුල අප‍්‍රමානය. නිසිලෙස ස්වාධීනව පරික්ෂා කලහොත් වංචා හා
දූෂන තවත් විශාල වශයෙන් සොයාගත හැක. තවද මහා සභා වාර්තා විකෘති කොට සකසා ඇත.

පිටපත් ..- 01. ස. සං. සහකාර කොමසාරිස් තුමා.    –  දැ . පි
02. ලේකම් ස. සේ. කො. සභාව (බ.ප*   –  දැ . පි
03. සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ පා. ම. තුමිය –  පරීක්ෂණ කඩිනම් කිරිමට උපකාරිවීම
04. උපාලි කොඩිකාර අමාත්‍යතුමා , සමුපාකාර හා කී‍්‍රඩා කටයුතු අමාත්‍ය (බ.ප*   –  දැ . පි