කටානේ කුනු මීගමුවට එකතුවන සෙල්ලකන්ද පාරේ කුනු ප්‍රශ්ණය ?

0
570

 

IMG-20190720-WA0011Oමීගමුව  බස්ඩිපෝව   ඉදිරිපිට  ඇති  පාර  සෙල්ලකන්ද  නම්වූ  පාරේ  එක්  කොටසකි.    කටාන  සහ  මීගමුව  ආසන   වෙන්කෙරෙන්නේ  මෙහි  ඇති  කුඩා  පාලමෙනි.    මෙහි  නිතරම  වශාල  ප්‍රමාණයෙන්    කුනු  එකතුවීම  නිසා  පාරේ  යනඑන  අයට  මෙය  ඉමහත්  කරදරයකි.  විශේෂයෙන්  පාසැල්  යන  කුඩා  දරුවන්   මෙම  පාරෙන්  ගමන්  කරන  නිසා  ප්‍රශ්ණය  තවත්  බරපතලය.  කපුටන්  සහ  බල්ලන්  විසින්  කුනු  පාර්සල්  ඇවිස්සීම  නිසා  ඒවායේ  ඇති  පිළුනුවූ  කෑම  වර්ග    පමණක්  නොව  වීදුරු ,  යකඩ  කැබලි  වැනි  දේවල්ද   ඇති බැවින්  තුවාල  සිදුවීමේ   ඉඩකඩක්ද  ඇත.    සමහර  අවස්ථාවල  මෙම  අපද්‍රව්‍ය   පාරපුරා  විසිරී  තිබෙනු  දැකගතහැක.

නගරසභා  දෙකක   පාලනයේ  පවතින  නිසා   මෙහි  කුනු  බැහැර  කිරීමට  නිසි  ක්‍රමවේදයක්  සැකසී  නැත.  පාලමෙන්  එගොඩ  කටානටත්,  මෙගොඩ   මීගමුවටත්  අයිති වේ.  මේ  අනුව   මෙම  කුනු  දමන  ස්ථානය  මීගමුවේය. කුනු  අයිති  කටානටය.   ප්‍රදේශවාසීන්  පවසන්නේ  මාස  ගනනාවක  සිට  කටාන  ආසනයෙන්  කුනු  රැගෙන  යාමට  පැමිණියේ  නැති බවයි.   මේ  අනුව  ඔවුන්  පවසන්නේ   මෙම  භූමිය  අයිති   මීගමුවට  නිසා  සෙනදුරාදා  දිනයේදී  මීගමුව  මහ  නගරසභාවෙන්  පැමිණ මේවා  රැගෙන  යන   නමුත්   මෙවර  දින  කිහිපයකින්  ඔවුන්ද  නොපැමිණි  බවත්,  ඒනිසා   වරින්  වර  මතුවන  මේ   ප්‍රශ්ණයට  විසඳුමක්   නැති  බවත්ය. කෙසේ  නමුත්  මේ  නිසා  සෞඛ්‍ය  ප්‍රශ්ණ වලටද  මුහුණ දීමට  සිදුවන  බව  ප්‍රදේශවාසීන්  පවසයි.

තත්වය  මෙසේ  පවතිද්දී   ආසන  දෙකේම  වගකිව යුත්තන්   නිහඬව  සිටියහොත්    මෙය  කුඩා  මීතොටමුල්ලක්  බවට  පත්විය  හැක.  ඒ නිසා  ඉක්මනින්   මේසඳහා  ක්‍රියාමාර්ගයක්  ගන්නා  ලෙස  මීගමුව  සහ  කටාන  නගරසභාවේ    වගකිවයුතු  අයට   අප  අවධාරණය  කරන්නෙමු.

 

Virus-free. www.avast.com