කටානේ ගංවතුර පාලනයට සුදර්ශණි මැදිහත්වෙයි..

0
49

සුදර්ශණි 200

මේ දින වල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කටාන ආසනයේ ජලයෙන් යට වී ඇති ප්‍රදේශ නිරීක්ෂණය කරමින් එම ප්‍රදේශ වල ජලය බැස යාමට අදාළ පියවර ගැනීමට සහ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීමට නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කටයුතු කරමින් ඇයගේ මාධ්‍ය ලේකම් සුමිත් කාරිවසම් මහතා විසින් මාධ්‍ය වෙත එවා ඇති නිවේදනය දැක්වේ.

ඒ අනුව කටුවපිටිය රබර්වත්ත මැදින් ගලා යන දෙපා ඇල පිරිසිදු කිරීමට පියවර ගෙන ඇති අතර ගෝමස්වත්ත මුස්ලිම් ගම්මානය,කදිරාන මල්බෙරිවත්ත, කිඹුලාපිටිය පත්තෑයන්වත්ත සහ කටාන සබීඩියා වත්ත යන ප්‍රදේශ වල පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට කටයුතු කරන බවද එහි සදහන්ය..