කටානේ තරුණයෙකුගේ ජිවිතය බිලිගත් අමන බස් රේස් කාරයෝ (විඩියෝ)..

0
539

කොළඹ සිට පුත්තලම සහ අනුරාධපුරට ගමන් කරමින් සිටි පුද්ගලික බස් රථ දෙකක් එකිනෙකා පරයමින් රේස් යාමේ ප්‍රතිපලය වි තිබුනේ මිගමුව කටාන ප්‍රදේශයේ තරුණයෙකුට දිවි අහිමිවීමයි
සමාජ සේවා කටයුතු වල මෙන්ම තරුණ සමාජ වලද ක්‍රියාකාරිව සිටි අයෙකු වන මෙම තරුණයා මාරිස්ටෙලා විදුහලේ ආදි සිසුවෙකි.
මිය යන විට ඔහු කුරණ ග්‍රැන්ඩිසා හෝටලයේ ඉජිනේරු අංශයේ ප්‍රධානියෙකු ලෙසින් සේවය කරමින් සිට ඇත.
29 හැවරිදි අමිල නුවන් පෙරේරා කටාන තිඹිරිගස්කටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙසේ රේස් යන පුද්ගලික දුරගමන් සේවා බස් රථ පාලනය කිරිම සදහා කිසිදු රජයකට මේ වන තුරුත් හැකිවි නැත.
හලාවත ප්‍රදේශයේදිම මිට පෙර මේ අධික වේගයෙන් ධාවනය කළ බස් රථයක ජිවිතයක් බිලිගත් අවස්ථාවේදි එකි බස් රථයේ රියදුරන්ව පාරේ දනගස්සා සමාව ඉල්ලනට ප්‍රදේශවාසින් කටයුතු කර තිබුණ අයුරු වාර්තා විය.
ඒ මිට වසර කිපයකට පෙරය.
කෙසේ වෙතත් මේ බස්මරුවන්ට දැඩි දඩුවම් දි මේ රේස් යාම පාලනය කිරිමට පොලිසියට නොහැකි ඇයිදැයි යන්න බරපතල ගැටළුවකි.
එවන් වැරදි කරන අමන රියදුරන්ට යළිත් වරක් බස්ධාවනයට ඉඩ දිය යුතුද ?


රේස් ගිය බස්කාරයන් ගැන මෙන්ම මෙම අනතුරු ගැනද විඩියෝ සටහනක් තබමින් මාධ්‍යවේදි ප්‍රසාද් පුර්ණිමාල් තබා තිබුනේ මෙවැනි සටහනකි

රේස් ගිය බස් රථ දෙකකට මැදිවූ යතුරුපැදි කරුවෙකු ඉතා අවාසනාවන්ත ලෙස මිය යාමේ පුවතක් මාදම්පේ පොලිස් වසමට අයත් පම්බල
ග්‍රාමයෙන් වාර්තා වේ . මෙලෙස රේස් ගොස් ඇත්තේ කොළඹ සිට පුත්තලම බලා ගමන් කල පුද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් හා කොළඹ
සිට අනුරාධපුරය බලා ගමන් කල පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයකි . කිලෝ මීටර් දහයක පමණ දුරක සිට මේ බස් රථ දෙක රේස් පැමිණ
ඇති අතර ඇතැම් අවස්ථා වලදී බස් රථ දෙක මංතීරු දෙකේ සමාන්තරව අධික වේගයකින් ධාවනය කර ඇත .

මෙහිදී අනතුරට ලක්ව ඇත්තේ හලාවත සිට කොළඹ දෙසට පැමිණි යතුරුපැදි කරුවෙකි මොහු තම මංතීරුවේ අධික වේගයකින් බස් රථයක්
පැමිණෙන බව දුටු වහා අනෙක් මංතීරුවට යතුරු පැදිය ගෙන ඇති බව වාර්තා වන අතර එහිදී බස් රථයේ ගැටී තිබේ .

මේ අනතුර සිදුවූ වහා එක බස් රථයක් පලා ගොස් ඇති අතර අනෙක් බස් රථයේ රියදුරුට හා කොන්දොස්තරට මගින් හා ප්‍රදේශවාසින්
පහර දී තිබේ .

මෙහිදී පැමිණි පොලිස් නිලධාරීන් බස් රථය සිය භාරයට ගෙන බස් රථයේ රියදුරු හා කොන්දොස්තර යන දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත .

මාදම්පේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .