කටානේ බලධරයෙනි ,මේ මෝඩ කාණුව කාටද ?

0
809

IMG-20191208-WA0007IMG-20191208-WA0008

තිඹිරිගස්කටුව පංසල අසලින් ගලාගෙන යන කානු ව ප්‍රතිසංස්කරණය සඳහා එම කානුව මැදින් කොන්ක්‍රීට් දමා සූදානම් කර තිබෙන අයුරු දැක්කෙමු . අයෙක් මේගැන ප්‍රකාශකළේ පාර පළල් කිරීමේ අරමුණින් මෙසේ කොන්ක්‍රීට් දමා ඇති බවයි .
මේ ගැන කිහිප දෙනෙකුගේ අදහස් විමසූ කළ ඔවුන් ප්‍රකාශකළේ ” අනේ මංද? , අපි දන්නෙ නෑ , මොනව කරන්නද කියල .”
වැනි දේවල්ය.
මිනිස්සු සිදුවන දේවල් ගැන ප්‍රතිචාර දක්වන්නේ ටියබ් ලයිට් ක්‍රමයටය. ඔවුන්ට සිදුවන දේ ඉක්මනින්ම වටහාගත නොහැක .
රටේ තත්වයද එලෙසමය.
කරපු මෝඩකම වැටහෙන්නේ පසුවය.
මෙම පාර පලල් කලයුතු නම් අවට ප්‍රදේශවාසීන්ගේ කැමැත්ත විමසීම ප්‍රධාන වේ. නමුත් ඔවුන් මේ ගැන කිසිවක් නොදන්නා බව කියති .
වැසි දිනවල පහත් බිමක් හෙයින් මේ අවට නිවාස ගංවතුරින් යටවේ. එසේ තිබියදී මෙසේ පාරවල් පළල් කිරීමෙන් කානුව පටුවී කලින් තත්වයට වඩා ගංවතුරින් ජනතාව පීඩාවට ලක්විය හැක. ඒනිසා මෙවැනි ස්ථානවල කානු සහ පාරවල් වල පිළිසකර කිරීම් වලදී නිසි විමසා බැලීමක් කළ යුතුව ඇත. නැතිනම් නැවත ඒවා වෙනස් කිරීමට සිදුවීමෙන් අනවශ්‍යය වියදමක් දැරීදමටද සිදුවේ.
මේ අනුව කටාන ප්‍රාදේශීය සභාවේ වගකිවයුත්තන් මේ පිළිබඳව නිසි විමසා බැලීමක් කලයුතු බව අප අවධාරණය කරන්නෙමු .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here