කටානේ Avenra සැණකෙලිය සහ කොරෝනා ඇමතිණියගේ සැර නීති….

0
89

ජනතාව ඒකරාශීවන කිසිදු උත්සවයක් සඳහා අවසර ලබා නොදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර තිබේ.

ඊයේ පැවති කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර ඉදිරි මාසයක කාලය තුලදී දැඩි සෞඛ්‍ය නිති රීති අනුගමනය නොකළහොත් මෙරට තුල කොවිඩ් ව්‍යාපාතියේ වර්ධනයක් විය හැකි බවින් ජනතාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බවයි ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටී.

කටාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි

මේ අතර ඇගේ මැතිවරණ කොට්ඨාසය තුල Avenra හෝටලයේ පසුගිය දිනවල පැවැති සුපිරි ආහාර සැණකෙලිය දින 3 ක් පුරාවට පැවැති අතර දිනකට 2000කට වඩා පිරිසක් රැස්ව සිටියහ.ප්‍රදේශයේ ජනතාවගේ බරපතල විවේචනකට ලක්ව තිබුන මෙම සැණකෙලියට අවසර දි තිබුනේ කටාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි ලක්ෂ්මන් විජේසුරිය විසිනි.