එහිදි රොස් ප්‍රනාන්දු මහත්මියගේ ආධාරකරුවෙකු විසින් පිස්තෝලයක්ද ඇතැතිව සිටි සිට ඇතැයිද මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක්ද විය.
මේ සම්බන්ධයෙන් මීපුර වෙබ් අඩවිය අමතා කථා කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිණි රෝස් ප්‍රනාන්දු කියා සිටියේ මේ දිනවල නොකඩවා ඇදහැලෙන මහවැසි නිසා කටානේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවි ඇතත් ඇමතිණි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය ඒ සදහා නිසි මැදිහත්විමක් කර නොමැති බවය.කදිරාන වැනි ප්‍රදේශවල ඇතැම් කාණු නිසිලෙසින් ප්‍රතිසංස්කරණය නොකර ජලය බැස යාමට කෙටි ක්‍රම යෙදුවද කිසිදු පලක් නැති බවද ඇය අවධාරණය කර සිටි.තමන්ට විවිධ බොරු චෝදනා කළද අදාල බැකෝ යන්ත්‍ර පවා ගැනිමට මැදිහත්ව මේ වනතුරුත් කටානේ කාණු පිටාර ගැලිමේ ප්‍රශ්ණයට අදාලව ක්‍රියාත්මක වෙමින් ඇති බවය,
තමන්ගේ ආධාරකරුවන් විසින් පිස්තෝලයක් පාවිච්චි කිරිම සම්බන්ධයෙන් නගන චෝදනාද ඇය ප්‍රතික්ෂේප කර සිටි.