කටාන ප්‍රදේශයේ පහරදිමකට යතුරු පැදිවලින් පැමිණි පිරිසක් ගැන පොලිස් පරික්ෂණ ?

0
90

SRI_LANKA-ATTACKSafwsefwerergteyrtj_1556433916(11.35 am ) මීගමුව පෙරියමුල්ල – සහ ආසන්න ස්ථාන කීහිපයකට යම්  නාදුනන  පුද්ගලයින්  කණ්ඩායමක් විසින් බියවැද්දීම් සහ සුළු පහර දීම් කිහිපයක් සිදුකර ඇති බව වාර්තා වේ.
ඊයේ (29)  මීගමුව  වයි හන්දිය ප්‍රදේශයේ පිහිටි  තීන්ත කඩයක් ඇතුළු තවත් සුළු ව්‍යාපාරික ස්ථාන  ස්ථාන දෙකකට කණ්ඩයමක් විසින්  මෙසේ පහර දීමක් සිදුකර තිඛේ.
ඒ ඊයේ සවස 4.30 ට පමණය.
යතුරු පැදි 6 කින් පැමිණ තිබුණ තරුණ පිරිසක් විසින් මෙම පහර දිම සිදුකර තිබුණේ  කඩ වසා දමන ලෙස තර්ජනය කරමිනි.
පසුව  එම පිරිස පලා ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් කටාන පොලීසියේ අපරාධ අංශයෙන් කරන ලද විමසීමකදී දැනගන්නට ලැබුණේ   මෙම පහරදීමට  යතුරුපැදි 06 කින් පුද්ගලයන් 06 දෙනෙකු පැමිණ ඇති  බවත් මේ වනවිට එම යතුරු පැදි  හදුනාගැනීමට  මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහය  බලාපොරොත්තු වන බවත්ය.
මෙම ක්‍රියාවන් යම් කිසි කණ්ඩායමක් විසින් ජනතාව බියවැද්දීමට ගන්නා උත්සාහයක්  මිස  මෙහි  වෙන අරමුණක් නොමැති බවත් අරක්ෂක අංශ විසින් මෙම පුද්ගලයන් පිළිබද පරීක්ෂණ  කරමින් සිටින බව ද වාර්තා  වේ.
මිගමුවේ පවතින සාමකාමි වාතාවරණය බිද දැමිමට තැන තැන මෙවැනි සිදුවිම් දැන් මතුවෙමින් තිබෙන පසුබිමක ඒවා කඩිනමින් පාලනය කොට නිතිය අතට ගැනිමට මැරයන් හට ඉඩනොදිම තුල පමණක් මිගමුව තුල කල්පවතින සාමයක් ස්ථාපිත කරගතහැකි වනු ඇත.
කිතුණු ජනයා මනාව හික්මවා ගනිමින් ගරු පියතුමන්ලා හා කන්‍යා සොහොයුරින් විසින් සිදුකරන ලද ථෙතිහාසික මෙහෙවර කිසිලෙසකින් වත් හෑල්ලුවට ලක්වන අාකාරයේ තත්වයන් ඇතිවිමට කිසිදු ඉඩක් ලබානොදිම රජයේ සියලු බලධරයන්ගේ වගකිම වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here