කටාන ප්‍රා.සභාවට කුණු දාන්ඩ තැනක් නැතිලු ?

0
44

දැනට මාසයක පමණ කාලසීමාවක් තුළ කටාන ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශ වල කුණු එකතු කිරීම නවතා තිබේ. ප්‍රදේශයේ කුණු එකතුවී ඇති ස්ථාන වල අධික ලෙස  කුණු ගොඩවල් ගැසී ඇති අතර ප්‍රදේශවාසීන් ද නිවෙස් ඉදිරිපිට කුණු ගොඩගසා තිබේ. ඒවායේ පණූවෝ ගසා ප්‍රදේශයේ පරිසර ප්‍රශ්නයක්ද මතුව ඇත. පසුවූ වෙසක් නිමිත්තෙන් කළ විවිධ සැරසිලි හා දන්සල් වල කුණු ද දැන් මේ කුණු වලට එකතු වීමට නියමිතය.
මේ පිළිබඳව විමසූ විට වාර්තා වන්නේ  කුණු දැමීමට ස්ථානයක් නොමැති නිසා කටාන ප්‍රාදේශීය සභාව විසින්  මේ ආකාරයට කුණු එකතු කිරීමට නොපැමිණෙන බවයි. කුණු ප්‍රතිචක්‍රීය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන හෝ  වැඩපිළිවෙලක් තවමත් කටාන ප්‍රාදේශීය සභාවට ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වී ඇති බව පෙනේ. වර්තමාන ආණ්ඩුව විසින්  ජනතාවගෙන් ලබා ගන්නා බදු මුදල් වල ප්‍රමාණයේ හැටියට  කුණු ප්‍රතිචක්‍රීකරණය වෙනුවෙන් මුදල් වෙන්කරන්නට නොහැකි වීම නම් ඛේදාවාචකයකි.  මෙම ප්‍රශ්නය පිටුපස තිබෙන්නේ රජයේ කළමනාකාරිත්වයේ අසාර්ථකභාවයකි. කුණු