කටාන වතුරෙන් යටවන්නේ අක්‍රමවත් ඉඩම් වෙන්දේසි කිරීම් නිසාද ?

0
478

මේ දිස්වන්නේ කටාන ප්‍රදේශයට අයත් අක්කරපනහ, කඳසුරිදුගම සහ තවත් ප්‍රෙද්ශ  කීපයක් මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවී ඇත. අක්කරපනහ ප්‍රදේශයේ ප්‍රධාන පාර ද ජලයෙන් යටවී ඇති අතර මේ සඳහා බලපා ඇති ප්‍රධාන හේතුවක් වන්නේ ජලය බැස යන ස්වාභාවික මාර්ග අක්‍රමවත් ඉදිකිරීම් හා ගොඩකිරීම් හේතුවෙන් වැසී තිබීමයි. එමෙන්ම පසුගිය කාලයේ එම  ප්‍රෙද්ශයේ ඇති විශාල ඉඩම් කට්ටි කරමින් ඇතිකළ  වෙන්දේසි ඉඩම්    ව්‍යාපෘති ද මෙයට තවත් ප්‍රධාන හේතුවකි. පර්චස් 10 කොටස් පර්චස් 7 කොටස් මෙම ඉඩම් වෙන්දේසි වලින් කට්ටිකර විකුණන අතර මේවායේ කාණු පද්ධති ඉදිකිරීමේ ප්‍රමිතීන්  හා ජලය බැසයාමේ  ක්‍රම පිළිබඳව නිවරදිව විමර්ශනයක්  සිදුව නැත.  ප්‍රාදේශීය සභාව ද එවැනි නීති විරෝධී හා  පරිසර විරෝධී ගොඩකිරීම් මෙන්ම ප්‍රමිතියකින් තොර කාණු පද්ධති වලට අවසර දීම බරපතල වරදකි. පසුගිය කාලයේ  කටාන ප්‍රෙද්ශයේ ඇතිවූ කුණු කසල ගොඩගැසීමද පාලනය කරගැනීමට කටාන ප්‍රාදේශීය සභාවට දීර්ඝ කාලයක් ගතවූ අතර එහිදී විශාල කුණු අපද්‍රව්‍ය ප්‍රමාණයක් පරිසරයට මුදාහැරිණි.  20151113_112624 20151113_111656ඡායාරූප –  සරත් වීරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here