කටුනායක,සීදූව ප්‍රදේශයෙන් ආසාදිතයන් 122 ක් !

0
63

කටුනායක ප්‍රදේශය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 122 දෙනෙකු වාර්තා වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසු බව ada.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.ඒ අනුව කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 91 දෙනෙකු අද දින  වාර්තා වී තිබෙන අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා වල සේවය කරන සේවකයින් 31 දෙනෙකු ද අද දින කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 55 ක සේවය කරන 1,464 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .එසේම අද දින බියගම නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන සේවකයින් 43 දෙනෙකු ද කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

මේ අතර නිදහස් වෙළඳ කලාපයේ සමාජ ක්‍රියාකාරිණියක වන චන්ද්‍රා දේවනාරායන සිය ෆේස් බුක් පිටුවේ සටහන් තබමින් කියා තිබුනේ පවතින තත්වය හමුවේ රාජ්‍ය අංශයේ සේවය කරන ගැබිනි මාතාවන් මෙම කාලයේ සේවයට කැඳවීම තාවකාලිකව නතර කිරීමට රජය ගත් තීරණය ඉතාමත් කාලෝචිත බවය. එසේම මෙය පුද්ගලික අංශයටත් ක්‍රියාත්මක කරන්නේ නම් වඩාත් හොඳ බවත් ඒ සදහා බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවත් ඇය අවධාරණය කර තිබේ