කටුනායක කඩ කැඩිල්ල පිටුපස ඉන්නේ කව්ද ?

0
44

කටුනායක ඇවරිවත්ත ප්‍රදේශය පසුගිය දා  යුද පිටියක සිරි ගෙන තිබුණි.ඒ එහිවු කඩ 13 ක් පැය කිපයක් ඇතුලත පොලවට සමතලා කිරිමට පිරිසක් කටයුතු කර තිබුණ නිසාය.
විපතට පත් කඩහිමියන් දැනට වසර ගණනාවක සිට මෙහි විවිධ ව්‍යාපාර කටයුතු කරගෙන යන අතර ඒ ඉඩම අයත්ව තිබුනේ ගුඩ් වුඩ් ප්ලාසා නම් වු මේ කඩපේලිය පිටපස පිහිටි හෝටලය හිමිකරුවන් වෙතය.
මෙම ඉඩම අත්පත්කරගැනිම සදහා නිති මගට හෝටලය විසින් බැස තිබුනද මේ කඩ හිමියන් සිය අයිතින් පතා ගෙවල් කුලි මණ්ඩලයේ පිහිට පතා තිබුණි.ගෙවල් කුලි මණ්ඩල රෙගුලාසි ප්‍රකාර මේ කඩ කිසිවක් වෙනස් කිරිමට හෝ කඩා දැමිමට බලයක් නැතැයි විපතට පත් කඩ හිමියෝ පවසති.
කෙසේ වෙතත් 2014 මැයි 2 වනදා පෙරවරුවේ එහි පැමිණි 50 කට ආසන්න පොලිස් බලඇණියක ආවරණය යටතේ මේ කඩසියල්ල කඩා දමා තිබුනේ එහිවු දැ ඉවත් කරගැනිමට පවා ප්‍රමාණවත් කාලයක් ලබානොදෙමිනි.
මේ සම්බන්ධයෙන්  කරුණු දක්වා සිටි එක් හෝටල් ව්‍යාපාරිකයෙක් පවසා  තිබුනේ ඒ වෙනකොට අපි කෑමත් උයලා තිබුනේ හෝටලයට ආපු අය  තේ බිබි උන්නේ එතකොට තමයි උසාවි නියෝගයක් තියෙනවා කියල ඇවිත් අඩ්ම තරමින් ඒ නියෝගයවත් නොපෙන්නා අපේ කඩ කඩන්න පටන් ගත්තේ.
සමාන්‍යයෙන් මෙවන් අවස්ථාවල ක්‍රියාවලිය වන්නේ කඩ කැඩිම පිළිබදව වු උසාවි නියෝගය කල් ඇතිව ලබාදිමයි. එහෙත් මේ කිසිවක් එහිදි සිදුව තිබුනේ නැත.
එසේ නම් මේ කඩකැඩිල්ල පිටුපස ප්‍රබල හස්තයක් තිබිය යුතුය.කඩ කඩා නිදහස් වන බිම ඉදිරියේදි යෙදවෙන්නේ කුමකටද ????ඒ අනුව මේ පිටුපස සිටින අය කව්දැයි දැනගැනිම පහසු වනු ඇත.
මෙසේ කඩා දමා ඇති කඩවල් අතර ස්ටුඩියෝ එකක් රන්ආභරණ සැලක්ද විය.
ඡායාරූප- කුමාරසිරි ප්‍රසාද්
DSCN9585DSCN9590nihal 2shop destroied 5shop 2