කටුනායක කලාපයෙ නැවතත් covid ඛේදවාචකයක ඇරඹුමක් ?

0
146

පසුගිය දින දෙකක් තුල තද උණ හා හිසරදය තදින් ඇති වීම හේතුවෙන් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ easy sale ආයතනයේ සේවක සේවිකාවන් හට අද දින සිට ලබන තිස් එක් වැනි දා දක්වා නිවාඩු ලබාදීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.නේවාසිකාගාර වලට යවනු ලැබු සේවක සේවිකාවන් හට කරනු ලැබූ පී සි ආර් පරීක්ෂණවලදි අනාවරණය වී ඇත්තේ ඔවුන්ගෙන් බහුතරයක් covid ආසාදිතයින් වී ඇති බවයි.

ඒ අතර පෙරේදා ( 26) දින කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ම ස්ටාර් ගාමන්ට් ආයතනයේ සේවක සේවිකාවන් දහ දෙනකු පමණ උණ හා හිසරදයෙන් පෙලීම හේතුවෙන් දහවල් වරුවම විවේක කාමරයෙ තබා තිබූ අතර පසුව ඔවුන්ට පවසා තිබුනේ එක්කෝ ගෙදර යන්ඩ එක්ක වැඩ කරන්න කියාය.

මේ අතර chifway ආයතනයේ සේවකයින් 8 දෙනෙක් ද ආසාදිතයින් බව බව හඳුනා ගන්නේ ඊයේ වන අතර ඒටීජී ආයතනයෙන්ද ආසාදිතයින් කිහිපදෙනෙක්හඳුනාගත් බව වාර්තා වෙයි.

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් හට මේ දිනවල කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ලබා දෙමින් පවතින අතර තවත් ආයතන කිහිපයකින් ද මෙලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

කෙසේ වෙතත් කිසිදු ආයතනයක් මෙම සේවක සේවිකාවන් රැඳවුම් මධ්‍යස්ථාන වෙත හෝ රෝහල් කරා ගෙන යාමට උත්සාහ ගත් බවක් දැනගන්නට නැති අතර එම හේතුව මත සේවක සේවිකාවන් තම නේවාසිකාගාර වලට වී කාලය ගත කරන අතර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයකුගේ අවධානය ද ඔවුන් වෙත ලක්ව නැතිවීම නැවතත් covid ඛේදවාචකයක ඇරඹුමක් පෙන්නුම් නොකරන්නේ ද.

චන්ද්‍රා දේවනාරායන