කටුනායක බිත්තියටත් රණකාමිත්වය ? අපි හිතුවේ ප්ලේන් අදියි කියල ?

0
158

FB_IMG_1575658043901FB_IMG_1575658034908කටුනායක පින්තාරුව වෙනුවෙන් අධිවේගි මාර්ගයට යටින් ඇති අතිවිශාල බිත්තිවල ලෝකයාටම පණිවිඩයක් ගෙන දෙන අන්දමේ මනසට ප්‍රිය කරන පින්තාරු සිදුවෙතැයි සිතා සිටියද මේ වන විට ඇරඹි ඇති කොටස් දෙස බලන විට පෙනි යන්නේ ඒ බිත්තියත් කඩු කිණිස සහිත රණකාමිත්වයට ගිය තවත් බිත්තියක් විය හැකි බවය.ලෝකටම රට ගැන කියන ගමේ අප සිතාසිටියේ ප්ලේන් අදිවි යැයි කියාය. නැත. එතනටත් දැන් රණකාමිත්වය පහත් වි ඇති සෙයකි.
කටුනායක යනු අපව ලෝකයට විවෘත කරනු ලබන කවුළුවයි.3865684391_bb0eb3bc4b_o_2
ගුවන් තොටේ අසිරිය චිත්‍රයට නාගාවි යැයි ඒ අසලින් ගිය ඇතැමුන් සිතා සිටියද දැන් එය එසේ නොවේ.
දශක 3 ක යුද්ධයකින් බැට කා බිදුනු සිත් ඇතිව සිටින සමස්ත ලාංකිකයා  වෙතට ගෙන යා යුත්තේ සාමයේ සංහිදියාවේ පණිවිඩයයි.
එහෙත් අවසානාවකට මේ බිත්ති පින්තාරු වලටත් දැන් කළු කුමාරයන්ගේ දිශ්ටිය වැටෙමින් තිබේ. මේ වෙනුවෙන් දිවා රැ වෙහෙසන තරුණයන්ගේ මහන්සිය බැතියෙන් අගයන අතරේ ලෝකයාට අපේ රට ගැන කියන්නට ඇති ගමේ බිත්තියට කඩු කිණිස සමග රණකාමිත්වය පැමිණිම ගැන කණාගාටු වෙමි.වැඩිහිටියන් විසින් මේදරුවන්ට කියා දිය යුත්තේ හෙටට ගැලපෙන ලංකාවට අවැසි පණිවිඩය කියාදිම ගැනය.එහෙත් දැන් පමා වැඩිය.එහෙත් හෙටට ගමට රටටදිය යුතු  පණිවිඩය නිවරදිවම තේරුම්ගෙන සිටින මීගමුවේ බිත්ති පින්තාරු තරුණ කණ්ඩයාම බිත්ති පින්තාරු සංස්කෘතිකයට කදිම පණිවිඩයක් එක් කිරිමට නියම්තය.
අමරකීර්ති පලිහවඩන
සීදූව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here