කටුනායක වෙළඳ කලාපයේ 404 කට කොරෝනා ! ගම්පහ දිස්ත්‍රික්කයෙන්ම ආසාදිතයන් 3180 ක් !

0
211

Brandex-India-Coronaගම්පහ දිස්ත්‍රික්කයේ  කොරෝනා රෝගින් වාර්තා වීම දිනෙන් දින ඉහළ  යෑම නිසා ඇදන් 400 කට වැඩි ප්‍රමාණයකින්  සමන්විත කෝවිඞ් 19 රෝග ප්‍රථිකාර  මධ්‍යස්ථාන දෙකක් යක්කල සහ අත්නගල්ල කොට්ඨාසවල ආරමිභ කරන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය මිගාර ඈපා මහතා පවසන බව ada.lk වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ

අත්තනගල්ල සහ යක්කල යොවුන් මධ්‍යස්ථාන දෙක තුළ මෙම ප‍්‍රථිකාර මධ්‍යස්ථාන දෙක ආරම්භ කිරිමේ වැඩ කටයුතු මේ වන විට යුද හමුදාව විසින් ආරමිභ කර ඇති අතර එයට යටිතල පහසුකම් කාර්ය මණ්ඩල සහ අවශ්‍ය වෛද්‍යවරුන් ගම්පහ සහ වතුපිටිවල දිසා රෝහල් මගින් ලබා දෙන බවද අධ්‍යයක්ෂකවරයා එහිදි පවසා ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයෙන්  අද (28දා) සවස 6 වන විට කෙරෝනා ආසාදිතයන්  3180 වාර්තා වි ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ වන විට පුද්ගලයන් 42292 පී.සී.ආර්. පරික්ෂණ සඳහා යොමුකර ඇති බවත් වෛද්‍යවරයා සඳහන් කරන්නට යෙදුණි

මේ අතර කටුනායක ආයෝජන කලාපයෙන් රෝගින් 404 ක් බියගම අයෝජන කලාපයෙන් 12ක් කලාප වලට පිටතින් පවත්වාගෙන යන් ඇගලුම් කම්හල් වලින් රෝගින් 32 වාර්තා වී තිබුණි.
විශේෂයෙන්ම මේ වන විට කොරෝනා වසංගත තත්වය හමුවේ නිදහස් වෙළද කලාප සේවක සේවිකාවන් ගැටළු රැසකට මුහුණ පා සිටිති

නිදහස් වෙළඳ කලාපයේ සමාජ ක්‍රියාකාරිණියක වන චන්ද්‍රා දේවනාරායන සිය ෆෙස් බුක් පිටුවේ මෙසේ සටහන් කර තිබුණාය.

…නිරෝධායනයට ලක් කරපූ නිවාස වල එයාලට අපි ආයෙත් අපිට හැකි පමණින් කෑම බීම ටිකක් දුන්නා. නමුත් මේක විසඳුම නෙවෙයි.අපි පාලක පක්ෂයෙන් සහ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා නිදහස් වෙන කලාප කම්කරුවන්ගේ මාසික වැටුප ගෙවන්න , සහ ඒගොල්ලන්ගෙ රැකියාව ආරක්ෂා කරල දෙන්න කියලා….. 123004043_2885689291661870_4462150520105702596_n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here