කටුනායක ශු. පේදුරු පාවුළු දෙව්මැදුරෙන් වෛද්‍ය සායනයක්..

0
49

පසුගිය ජුලි මස 23 වන දින කටුනායක ශු.පේදුරු පාවුළු දේවස්ථානයේදී වෛද්‍ය සායනයක් පවත්වා තිබිණි. දයාවේ වසර ලෙස කතෝලික සභාව විසින් නම් කර ඇති මේ වසරේදී එහි අර්ථයට සාක්ෂි දරමින් මීසම් පාලක පියතුමන් වන ගරු දේශන් ලසන්ත පියතුමන්ගේ අදහසකට අනුව දේවස්ථානයේ තරුණ සමිතියේ සංවිධායක ශක්තියෙන් මෙන්ම සිංහ සමාජයේ සහභාගීත්වයෙන් කදවුර අති සාර්ථක ලෙස පැවත්වා තිබිණි. ප්‍රදේශයේ විශාල පිරිසකගේ දායකත්වයද ලැබුණු මෙම කදවුරට ප්‍රදේශයේ වෛද්‍යවරුන්ද ඇතුළුව විශාල වෛද්‍යවරුන් ප්‍රමාණයක් සහභාගී විය.මෙම වෛද්‍ය කදවුරේදී දියවැඩියා රෝගය පරික්ෂා කිරීමේ සායනයක්,අක්ෂි සායනයක්, දරුවන් සදහා දන්ත සායනයක්, ලේ දන් දීමක් මෙන්ම ඖෂධ ලබාදීමද සිදුවිය.

ඒ නිසාම කටුනායක ග්‍රාමයේ මෙන්ම අවට ප්‍රදේශවලට ජනයාටද නොමිලේ තමන්ගේ  සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගැනීමට හා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට හැකිවීම නිසා මේ ක්‍රියාව කාගේත් පැසසුමට ලක්විය.

katu2