කටුනායක සීදුව ප්‍රදේශයේ නීතිවිරෝධි SPA වලට වැඩවරදින ලකුණු ?

0
635

නිලාන්කටුනායක ප්‍රදේශයෙ පිහිටි SPA  ආයතනයක තරුණියක් තට්ටුගොඩනැගිල්ලකින් බිට තල්ලු කිරිමේත් සිදුවිමත් සමගින් ක්‍රියාත්මක වි සමාජ කණ්ඩායම් හා ඇතැම් දේශාපලකයන්ගෙ මැදිහත්විම මත කටුනායක සිදුව ප්‍රදේශයේ පිහිටා ඇති නීතිවිරෝධි සියලුම SPA  ආයතනය අගොස්තු 08 වෙනිදා වන වසා දැමිය යුතුව තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් කටුනායක සීදුව නගරසභාවේ ශ්‍රිලනිප නාගරික මන්ත්‍රි වසන්ත මහතා කියා සිටියේ මේ ප්‍රදේශයේ සියළුම SPA  ආයතන හිමිකරුවන් කැදවා නීතිවිරෝධි සියළුම ඒවා වසාදැමිය යුතු බව දන්වා ඇති බවය.
මේ අනුව අගොස්තු 8 වෙනිදා වන විට දැනට SPA  හිමිකරුවන් විසින් ලිඛිතව පොරොන්දු වි ඇති ආකාරයට වසා දැමිමට පියවර නොගන්නේ නම් එයට එරෙහිව ගමම එකතුවි ඒවා ඉවත් කිරිමට පියවර ගන්නා බව ශ්‍රිලනිප නාගරික මන්ත්‍රි වසන්ත මහතා වැඩිදුරටත්  කියා සිටි.
මේ අතර මේ SPA  වලින් ගතමනාව මාසිකව ලබාගන්නා ඇතැම් නාගරික මන්ත්‍රිවරුන්ට සිටින බවට මේ වන විට තොරතුරු හෙළිව ඇතැයි ශ්‍රිලනිප නාගරික මන්ත්‍රි වසන්ත මහතා මිපුර කළ විමසුමකදි කියා සිටියේය.