කටුනායක e-gate හා CCTV කැමරා පාලන මධ්‍යස්ථානයක් පිහිටුවීමට අවධානය

0
299

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි නව e-gate කවුන්ටර පිහිටුවීම හා CCTV කැමරා පාලන මධ්‍යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය – ටිරාන් අලස් මහතා අවධානය යොමු කර තිබේ.

ඒ, බණ්ඩාරනායක ගුවන් තොටුපලෙහි නිරීක්ෂණ චාරිකාවකට අද (17) සහාභාගී වන අතරතුරදීය.

CCTV කැමරා පද්ධතිය නව තාක්ෂණික මෘදුකාංග මගින් දත්ත විශ්ලේෂණය කළ හැකි ආකාරයෙන් යුක්ත වන බවද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කරදෙන ලදී.

එහිදී මගීන් පැමිණීමේ පර්යන්තයෙහි සහ පිටවීමේ පර්යන්තයෙහි පිහිටුවා ඇති ආගමන විගමන නිලධාරීන්ගේ කවුලු නිරික්ෂණය කළ ටිරාන් අලස් මහතා, ගුවන් මගීන්ට කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ලබාදීමට මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර ගුවන් තොටුපල තත්ත්වයන්ට අනුකූලව ආගමන විගමන සේවාවන් ලබාදිය හැකි භූමි සැලසුම පිළිබඳව සාකච්ඡා කළේය.

මෙම නිරීක්ෂණ චාරිකාවට ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමෙහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා,මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක මහතා,ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සහා ගුවන්තොටුපළ නිලධාරීන් සහාභාගී විය.