කටුනාය සීදුව MOH කොට්ටාශය තුල කොරෝනා රෝගීන් 102 කක් ! බහුතරය වෙළද කලාපයෙන් …

0
184

z_p04-Covid-01කටුනායක සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ මේ වනවිට සමස්ථ කොරෝනා ආසාදිතයන් 102 ක් වාර්තා වන බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පවසන බව අද දෙරණ වාර්තා කොට තිබේ

ඔවුන් අතරින් වැඩි පිරිසක් පළමු ආශ්‍රිතයන් සහ කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් බව ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා සඳහන් කර ඇතැයිද එහි සඳහන්ය

කටුනායක වෙළෙඳ කලාපයේ තවත් සේවක සේවිකාවන් 42  දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඒ අනූව එම කලාපයෙන් මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 67 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අතරින් බහුතරය සීදුව ප්‍රදේශයේ නවාතැන්පොළවල සිටින අය වේ.

සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඊයේ (12) සිදුකළ පීසීආර් පරීක්ෂණ 220 ක් අතුරින් 34 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.

මේ අතර මෙසේ වාර්තා වු ඇතැම් රෝගින් නේවාසික සිටින ස්ථානවල 200 කට ආසන්න නේවාසිකයන් පිරිසක් වාසය කරන නේවාසිකාගාරද තිබෙන බව  ඩාබිඳු සාමුහිකයේ චමිලා තුෂාරි අප කළ විමසුමකදි සදහන් කර සිටියේය
ඒ බහුතරයක් දෙනා සිමිත ඉඩකඩක් බෙදාහදාගැනිමත් සිමිත වැසිකිලි සහ නාන ස්ථාන පහසුකම් භාවිතා කිරිමත් හේතුකොට බරපතල තත්වයක් ඉදිරියේදි මතුවිමේ ඉඩකඩ ගැනද ඇය සදහන් කළාය