කටුවපිටියේ විපතටපත් පවුලකට සිනෙස්ටා පදනමෙන් නිවසක් !

0
70

Image7

අප්‍රේල්  21ක  පාස්කු  ප්‍රහාරයෙන්  විපතට  පත්වූ  කටුවපිටිය  ප්‍රදේශයේ  තවත්  පවුලක්    වෙනුවෙන්   අංග  සම්පූර්ණ  නිවාසයක්    තනාදීමට  නළුනි‍ළියෝ  මැදිහත්වෙති.  කටුවපිටිය   නුගවෙල  පාරේ  ජයමාවතෙහි  පිහිටි  ඉඩම්  කොටසක  මෙම  නිවස  තනාදී   ඇත්තේ   එම  ප්‍රදේශයේ පදිංචි  චන්ද්‍රානි  ප්‍රනාන්දු  සහ  ඇගේ  දියණිය  වන  දිනිති  නෙත්සරණි  වෙත  මෙම  පරිත්‍යාගය  සිදුකරන  ලදී.  රු.  ලක්ෂ  45  ක  වියදමින්  ගොඩනගන  ලද  මෙම  නිවස  ගෘහභාණ්ඩ  වලින්  පරිපූර්ණ   අංග  සම්පූර්ණ  එකකි.    මෙය  දේශීය  සිනමා  සහ  ටෙලි සිනමාකරුවන්  නියෝජනය වන  සිනෙස්ටා  පදනමේ  පුර්ණ  දායකත්වයෙන්  සහ  අනුග්‍රහයෙන්  සිදුකරන ලදී.