විපතට පත්වූවන්ගේ භූමදාන කටයුතු හෙට

0
152

මීගමුව   කටුවපිටිය   ශාන්ත  සෙබස්තියන්  දේවස්ථානයේ  සිදුවූ   බරපතල  විනාශයෙන්   ජීවිත  අහිමිවී  ගිය  අයගේ   අවසන්  කටයුතු  සම්බන්ධයෙන්   අද දින  පියතුමන්ලා ,  දේශපාලකයින්  ඇතුළු  ගම්වාසීන්  මැදිහත්වී  සාකච්ඡාවක්  පවත්වන  ලදී.

මෙහිදී  මේ  සම්බන්ධව  රෝහල්  අධ්‍යක්ෂක  චන්ද්‍රගුප්ත  රණසිංහ  මහතා තුවාල  සිදුවී  රෝහල්ගතව  ප්‍රතිකාර  ගන්නා  අය පිළිබඳවත්,    මියගිය  අයගේ  අවසන්  කටයුතු  පිළිබඳවත්  කරුණු  පැහැදිළි  කරමින්  ඉදිරි  කටයුතු  පැහැදිළි  කරන ලදී.  මේ  අනුව  මියගිය  අයගේ    ඥාතීන්ට සාමුහික  භුමදානය  සඳහා කැමති  නම්  එම  සිරුරු  භාරදිය  හැකි බවත්,  අනෙක්  මළ සිරුරු  පොදු  භූමදානය  සඳහා  කටයුතු කළ හැකි බවත්  ප්‍රකාශ කරන ලදී.මේ වනවිට  මළසිරුරු  16ක්   හඳුනාගත  නොහැකි  තත්වයේ  පවතින  බවප්‍රකාශකළ  චන්ද්‍රගුප්ත  මහතා  රාගම  රෝහල  වෙත  ගෙනගිය  අයගේ  සිරුරු  6කින්  3ක්ම  හඳුනාගත  නොහැකි  මට්ටමේ  පවතින බව  පැහැදිළි කරන ලදී.කෙසේ  නමුත්  හෙට  උදේ    පැවැත්වෙන  දේව  මෙහෙයට  මියගිය  අයගේ  ඥාතීන්  67 දෙනෙක්  සහභාගි  වනබව  ප්‍රකාශ  කරඇති  අතර  එම  සංඛ්‍යාව  ඉදිරියේදී  තවත්  වැඩිවනු  ඇතැයිද  ඔහු  ප්‍රකාශ කරන  ලදී.    බස්නාහිර  උතුර භාර  නියෝජ්‍ය  පොලිස්පති  දේශබන්දු  මහතා  පවතින  ආරක්ෂාව  ගැනත්,  මෙම  කටයුතු  වලදී  ක්‍රියාත්මක  වියයුතු  ආකාරය  ගැන  සියළු  පොලිස්  නිලධාරින්  සමඟ  සාකච්ඡා  කරන බවත්  පැහැදිළි කරන ලදී.
මේ  සඳහා  පාර්ලිමේන්තුවේ  අමාත්‍යවරු  වන  සජිත් පේමදාස  ,  හර්ෂ ද  සිල්වා  ,    කාවින්ද  ජයවර්ධන    යන  මහත්වරු ද  ,  මීගමුව  මීගමුව නගරාධිපති,  කටාන   ප්‍රාදේශීය  සභා  සහ  නාගරික  මන්ත්‍රීවරුද ,  මීගමුව  ප්‍රාදේශීය  ලේකම් ඇතුළු  ග්‍රාම නිලධාරි  මහත්වරුද   සහභාගි විය. එසේම  බස්නාහිර  උතුර   පළාත  භාර  නියෝජ්‍ය  පොලිස්පති  දේශබන්දු  තෙන්නකෝන්  මහතා  ඇතුළු ගම්පහ  ප්‍රදේශයට  අදාල  පොලීසි වල නිලධාරීන්  පිරිසක් ද  සහභාගී විය.DSC_0006new