කටුවපිටිය නොසන්සුන් කළ පිරිස ගමේ අය නොවන බව මීසම්වාසිහු පවසති !

0
94

IMG-20190806-WA0028මීගමුව  කටුවපිටිය  දෙවස්ථානයට  යන  සෙබස්තියන්  මාවතේ  ඇති  සෙබස්තියන්  මුනිදුන්ගේ  පිළිරුව ආවරණය කර තිබුණි විදුරු කූඩුවට     කිසිවෙකු  විසින්  ගලකින්  කළ    පහරදීමක්   නිසා  එහි  ආරක්ෂාවට  තිබූ  වීදුරුව  බිදී  තිබින.
මේ හේතුව නිසා ඊයේ   උදේ  මෙම  ස්ථානයට  එක්රොක්වූ  පිරිස  ක්‍රමානුකූලව  වැඩිවීමත්  සමගම    උනුසුම්  තත්වයක්  නිර්මාණය  වු අතර  මේ පිරිස පාලනය කිරිම සදහා  පොලීසියේ  මැදිහත්විම ප්‍රමාණවත් වි යන්න ගැටළුවකි.
කෙසේ වෙතත් මෙසේ මේ ස්ථානයට රැස්ව කිසියම් කලබලකාරි ලෙසින් හැසිරුණ බහුතරයක් දෙනා කටුවාපිටිය මිසම්වාසින් නොවන කටුවාපිටිය මිසමේ වගකිවයුතු  ගිහි සමාජිකයෙකු මිපුරට පවසා සිටියේය.ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ කාර්දිනල් හිමියන්ගේ පැමිණිමත් සමගින් කටුවාපිටිය දේවස්ථානයට එක්වු සියල්ලොම කටුවාපිටිය මිසම්වාසින් බවය.එහෙත් පාරේ සිටි අතිබහුතරයක් දෙනා මිට කලින් දැක පුරුදු නැති අයයැයි ඔහු පවසා සිටියේය.
එය ඇත්තක් නම් සැබැවින්ම මේ කලබලය ඇතිකරන්නට මැදිහත්වු බහුතරය පැමිණ තිබුනේ කොහෙන්ද ? එසේ නම් එය කාගේ හෝ සැලසුම්සහගත ක්‍රියාවක්ද ? .
එසේ නම් ඒ පිටුපස සැගවුණ න්‍යාය පත්‍රය කුමක්ද ?
අප වඩාත් නිවරදිව නිරන්තරයෙන්ම පැවසු පරිදි කටුවාපිටිය ජනතාවගේ දැහැමි කිතුණු පැවැත්වමට එරෙහිව යන කිසියම් පිරිසක් පසුගිය කාලය තුල කටයුතු කරගෙන යමින් තිබුණ ආකාරය ගැන පල්ලියේ පියතුමා මෙන්ම එහි ගිහි නායකයන්ද බොහෝ දෙනෙකු දැනුවත්ය.කටුවාපියේ අපි යැයි කියා ගත් සංවිධාන හරහා පවා ඇතමුන් ජාතිවාදය අවුලාලිමට කටයුතු කරමින් සිටි බව කටුවාපිටිය මීසම් වාසින්ට නම් රහසක් නොවේ .
එනම් කිසියම් දේශපාලන න්‍යාය පත්‍රයක් සහිතව ක්‍රියාත්මක වන පිරිසක් සිටින බව කටුවාපිටියේ පදිංචි ප්‍රකට කලාකරුවෙකු වන බොනිෆස් ජයශාන්ත පවා වරක් ඔහුගේ මුහුණු පොතේ සටහනක් තබා තිබුණි.

එපමණක් නොව  නොසන්සුන් පසුබිම තුල කිසියම් විරෝධතාවයක නිරතව සිටි අතර ඒ ඇතැමෙකුගේ  අල්ලාගෙන සිටි පුවරු අතර සිංහලයනි එක්වව් යනුවෙන් සටහන් ඒවාද විය.
සැබැවින්ම ඒ ජාතිවාදි සටන්පාඨ මේ විරෝධතාවයට ගෙන ආවෝ කව්රුහුද  ?දැන් මතුවන ගැටළුව වන්නේ කටු්වාපිටිය මිසමේත් නොවන ජනතාවක්  නොසන්සුන් ස්ථානයකට පැමිණි කෙසේද ? ඒයට නායකයත්වය දුන්නේ කව්රුන්ද යනුවෙනි.
සිංහල අන්තවාදින් පමණක් නොව මුස්ලිම් අන්තවාදින්ච පවා  පඩි නඩි ගේවා නඩත්තු කළේ පසුගිය රාජපක්ෂ පාලනය බව මේ රටට දැන් නොරහසකි.
ඒ බංකොලොත් දේශපාලනයට යළිත් කිරුළු පැළදවිම සදහා තවත් කුමන්ත්‍රණ ඉදිරියේදි නිර්මාණය වනු ඇත.අප වඩාත් අවදියෙන් සිටිය යුත්තේ එබැවිනි.