කටුවපිටිය සුළිසුළඟ සහ පල්ලියේ ස්වාමි ගැන බුකි කථා!

0
167

(8.45 am ) කටුවාපිටියට ප්‍රදේශයට හමා ගිය සුළි සුළගින් එහි ජනතාවට සිදුව ඇති දැවැන්ත පාඩුවට අමතර බරපතල සිත් රිදිම්ද ඇතිව තිබෙන බව මේ දිනවල මුහුණු පොතේ  හුවමාරු වෙන ඇතැම් සටහන් දකින විට හැගේ.
මේ එක සටහනක වුයේ පල්ලියේ පියතුමාගේ දෙයාකාර සැලකිල්ල ගැනය.
විනාඩි 5 ක් තරම් කෙටි කාලයක් තුල හමා ගිය මේ දැවැන්ත සුළි කුණාටුව හේතුවෙන් කටුවාපිටියේ පිහිටි මිගමුව නගරාධිපති දයාන් ලංසාගේ නිවසටද බරපතල හානි සිදුව තිබුනේ එහි වහලය මුළු මනින්ම ගැලිවි යාමෙනි.
කෙසේ වෙතත් වැඩියෙන්ම පිඩාවට පත්ව ඇත්තේ යමක් කමක් නැත්තෝ වෙති. තතු එසේව තිබියදි පල්ලියේ ස්වාමි ගොස් ඇතැයි මේ හිත් රිදිම් වලින් කියැවෙන්නේ ඇති හැකි ඇත්තන්ගේ නිවෙස් වෙතට පමණක් යාමක් ගැනය  !

බුකියේ මෙසේ සටහන්ව ඇත්තේ හැගිම්ය.
හැගිම් හරි හෝ වැරිදි යැයි කාටවත් නිගමනය කළ නොහේ.
ඉන් කියැවෙන යථාවට සංවේදි වීම නම් වටී.wind 1