කටුවාපිටිය ගමම එක්වි තුන්මාසේ දානයට සුදානම් වෙද්දි අන්තවාදින් සුළුතරය ගමපුරා පෝස්ටර් අලවති !

0
72

st-sebastiabමුස්ලිම් අන්තවාදි සුළුතරය විසින් මිගමුව ඇතුළු රටේ ස්ථාන 8 කදි  සිදුකරන්නට යෙදුන විනාශයන්ට තෙමසක් පිරිම එළඹෙන ජුලි 21 වෙනි දිනට යෙදි ඇත.
ඒ දිනයද ඉරිදාවකි.
කටුවාපිටිය ගමේත් මිගමුවේත් අතිබහුතරයක් ජනයා සැබැ කිතුණුවෝ වෙති.ඒ නිසාම ඔවුන් අදහන්නේ කිතුතුමන්ගේ දහමය.
එහෙත් අන්තවාදින් සුළුතරයක් දැන් කලක පටන් වෛරය වපුරවමින් කටුවාපිටියේ සැදැවත් කිතුණුවන්ටද නිගාදෙමින් ඩෙගා නටමින් සිටිති.
සිංහලයින් එක්වව් කියමින් වර්ගවාදය පතුරුවති.
ඊයේ රාත්‍රිය පුරාවට මේ අන්තවාදින් අතලොස්ස තැන තැන අන්තවාදි පෝස්ටර අලවමින් සිය දේශපාලන හාම්පුතාලා සතුටු කරන්නට කටයුුතු කර තිබුණි.
එහෙත් මෙයට එරෙහිව ඇතැම් ජනයා මේ පෝස්ටර් ඉරා දමා තිබේ.
අද කටුවාපිටිය දෙව්මැදුරට ගිය විට දැකගන්නට ලැබුනේ තුන්මාසේ දානයට කැවුම් ඇතුළු කැවිලි හදන්නට ගමේම කාන්තාවන් එක්ව සිටි අයුරුය.
අන්තවාදින් යළි යළිත් වෛරයම වපුරද්දි  අතිබහුතරයක් කටුවාපිටිය ගම්වාසින් ප්‍රේමය සැමරිම සදහා පෙළගැසෙමින් ඊට පේවි සිටිති.
මේ අන්තවාදින් වෛරය වැපිරිමේ දේශපාලන ව්‍යාපෘතිය ප්‍රේමය පතුරුවන ජනයා විසින් පරාජය කරනු ලබන වැඩි ඈතක නොවේ.