කඩන් වැටෙන ගොඩනැගිලි හදන්න අවසර දුන්නේ කව්ද ?

0
131

2මීගමුව නගරයේ ඉදිකරනු ලබන ඇතැම් ගොඩනැගිලි වල ප්‍රමිතිය පිළිබදව ගැටළු ඇති බව අප මිට පෙරද අවස්ථා ගණනාවකදි මතුකර ඇත්තෙමු.
මිට හේතුව වන්නේ මේ බොහොමයක් ගොඩනැගිලිවල නිසි ප්‍රමිතිය පිළිබදව තාක්ෂණික ඇගයුම් කරනවා වෙනුවට ඒ වෙනුවෙන් ලැබෙන සන්තෝෂම් වලට හිලව් කිරිම හේතුවෙන් මීගමුව මහනගර සභාවේ තාක්ෂණික නිළධාරින් කෝටිපතියන් විමය.
පසුගිය ඉරිදා රාත්‍රියේ කඩාවැටුන ඒ ගොඩනැගිල්ල ගැන මීගමුව මහනගර සභාව විමර්ශණයක් සිදුකර තිබුණේද ?
එසේ නම් එහි ප්‍රමිතිය ගැන අදාල බලධාරින් දැන සිටියේද ?
අදාල ගොඩනැගිල්ලේ හිමිකරු විසින් නිසි අවසරයක් නගර සභාවෙන් රැගෙන තිබුනේද ?
මේ අතිබිහිසුණු අනතුරුන් පසු අදාල ගොඩනැගිල්ලේ හිමිකරුවට ලැබුන දඩුවම කුමක්ද ?
මේවා ගැන නිසි විමර්ශණයක් සිදුනොකළ තාක්ෂණික නිළධාරියාට මහනගර සභාවේ බලධාරින් ගන්නා පියවර කුමක්ද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here