කඩන් වැටෙන බිල්ඩිම් වලට අවසර දුන්න මීගමුව මහනගර සභාවේ නිළධාරින් නිදැල්ලේ ?

0
176

2( 5.50am  ) උත්පල රන්මුතුපුර යනු මීගමුව මහනගර සභාවේ තාක්ෂණික නිළධාරියෙකි.මීගමු නගර සිමාව අයත් වන්නේ ඔහුගේ අධික්ෂණ බල ප්‍රදේශයටය.
නගරයේ ඇති බොහොමයක් ගොඩනැගිලි නිසි ප්‍රමිතියකින් තොර යැයි අප අවස්ථා ගණනාවකදි හෙළිදරව් කළෙමු.
එයිනුත් විශේෂයෙන්ම තට්ටු ගොඩනැගිලි වල ප්‍රමිතිය ගැටළුකාරිය.
මෙයට හේතුව වන්නේ අදාල තාක්ෂණික නිළධාරින් ඇතුළු අනෙකුත් බහුතරයක් දෙනා මේ ප්‍රමිතිගත නැති ගොඩනැගිලි ඉදිකිරිමට මුදල් ලබාගෙන අවසර ලබා දි ඇති බැවිනි.9
අපි විසින් මෙසේ දිගින් දිගටම මතුකරන ලද සියළු කරුණු සත්‍යයක් බව සනථා කරමින් පසුගිය පසුගිය වසරේ මාර්තු මාසයේ 12 වන දා (පෝය දිනය ) රාත්‍රි 8 ට තට්ටු ගොඩනැගිල්ලක් එහෙම පිටින්ම කඩන් වැටුණි.
එය කලින් පැවැති පැරණි ගොඩනැගිල්ලක් මත ඉදිකරමින් තිබුනෙ මහල් ගොඩනැගිල්ලක් විය .නගරයේ ප්‍රසිද්ධ මත්පැන් අලෙවි හලක් වු බ්ලුමුන් ගොඩනැගිල්ල අසල වු මෙම ගොඩනැගිල්ල ඇති ස්ථානයේ රාත්‍රි කාලයේ බස් රථ පැමිණෙන තෙක් මහජනයා නිතර ගැවසෙන තැනකි.එහෙත් වාසනාවට මෙන් එදින පෝය දිනයක් වු බැවින් වෙනදා 905 බසය එන තුරු එහි රැදි සිටින මගින් ඒ රාත්‍රියේ සිටියේ නැත.මේ නිසා සිදුවන්නට ගිය මහත් වු විනාශයක් වැලකුණේ කිසිදු ජිවිත හානියක් සිදුනොවෙමිණි.6
එහෙත් එතන නවතා තිබුණු වෑන් රථයක් මතට වැටුණු කොන්ක්‍රිට් කණු නිසා වෑන් රථය මුළුමනින්ම විනාශයට පත්ව තිබුණි.
මෙවන් මහල් ගොඩනැගිල්ලක් මුළු මනින්ම කඩාවැටුනේ නම් එහි ඇත්තේ ප්‍රමිතිය පිළිබදව බරපතල ප්‍රශ්ණයකි.
මෙහිදි පළමුව ඇගිල්ල දිගු කළ යුතුව ඇත්තේ මෙන් ගොඩනැගිලි සදහා අනුමැතිව ලබාදුන් සහ පසු විමර්ශන සිදුකරන නගර සභාවේ නිළධාරින් හටය.1
මේ පිළිබදව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් එදා රන්මුතු නැමැති තාක්ෂණ නිළධාරියා කියා සිටියේ ඒ ගැන කිසිවක් මාධ්‍යයට නොකියන ලෙස මීගමුව නාගරික කොමසාරිස්වරයා විසින් තමන්ට කියා ඇති බවය.
රාජපක්ෂ රෙජිමයේ මීගමුවේ ලංසා පාලනය තුල රන්මුතු යනු ඒ අයගේ සුවච කිකරු ගෝලයෙකි.
රාජපක්ෂ ලංසා හවුල් පවුල් පාලනය තුල දැනමත් ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබදව සියලු කටයුතු සිදුවන්නේද තාක්ෂණ නිළධාරි රන්මුතු යටතේමය.මුදල්ම පමණක් හඹා යන මෙවන් නිළධාරින් ගැන අදාල බලධාරින් නිසි පියවර ගන්නේ කවදාදැයි අප යළිත් විමසා සිටින්නෙමු.