කඩාගෙන කංකුං ගඳ ගහන කානුවෙන් පදී පාපැදිය තබා ගෝනිය සීරුවෙන්

0
1279

images (1)

මීගමුව කෝවිල පාරේ හරි හරි දේවල් සිදුවන අවස්ථා එමටය. මෙම
කෝවිල පාරේ එනවිට දෙපස කාණු වල තණකොල වලටත් වඩා වැවී ඇත්තේ
කංකුංය. එක්තරා තැනක පුද්ගලයෙකු වාඩිවී මොනවාදෝ ගලවනු
දුටුවෙමි. හරකුන්ට තණකොල කපනවා ඇතැයි මා නැවත සිතුවෙමි. පසුව
බලන කල ඔහු මෙම ගඳගහන කාණුවේ කංකුං වැල් පිටින් ගලවනු
දුටුවෙමි. මා සූදානම් වනවිට ඔහු කංකුං ගෝනියකට දමාගෙන තමන්ගේ
පාපැදියෙන් දිව හපාගෙන පදිනු පෙනින.

කංකුං ගුණ කෑමක් බවට වන පිළිගැනීම මත ඉහතකී පුද්ගලයා විසින්
කොහේ හෝ තැනකට ගොස් මෙම කංකුං හෝදා වෙළඳාම සදහා සූදානම් කරනු
ඇත. නොදැන කෑමට ගන්නා හෙයින් කිසිවක් සිදුනොවෙතැයි කිවහැකි
නමුත් කානුවේ ඇති සියළු ජරාව තුළ විෂබීජ නැතැයි කිව නොහැක.
මෙය ඔහු රැගෙන යන්නේ තමන්ගේ පවුගේ නඩත්තුව සදහා කීයක්හෝ සොයා
ගැනීමට විය හැක. නමුත් මේවා ආහාරයට ගන්නා අසරණ දරුවෙක් ,
ගැබිනි මාතාවක් , වැඩිහිටියෙක් නම් කෙතරම් තදබල වරදක්ද. මේ
නිසා අපි පවසන කාරණය වන්නේ මෙවැනි පලාවර්ග මිලදී ගන්නා විට
පරිස්සම් වන්න. එමෙන්ම මෙවැනි කටයුතු මගින් වෙළදාම් කරන අය මේ
ගැන සිතා මෙවැනි දේවල් අත්හරින්න.