මීගමුව රෝහලේ තට්ටු ගොඩනැගිල්ලේ ඇති අවධානම් තත්වය යටතේ තවදුරටත් එහි සේවයේ නියැලිමට ඇති අවධානම ගැන බලධාරින් දැනුවත් කිරිම සදහා අද දවල් සංකේතාත්මක විරෝධාතාවක් සදහා මීගමුව රෝහලේ සියළුම වෛද්‍යවරුන් හෙද කාර්ය මණ්ඩලය අතුළුව සමස්ථ සේවයකයන් අද පාරට බසිති.
2002 වසරේදි ඉදිකර ඇති මහල් 7 කින් යුත් ගොඩනැගිල්ල දැන් කඩාවැටෙන තත්වයකට පත්ව තිබේ.
පවතින අවධානම් තත්වය සලකා අද පවත්වන්නට යන විරෝධතාවය මීට කලින්ම කරන්නට තිබුවක් බවත් කෙසේ හෝ අද පටන් මේ සටන නොකඩාවම ගෙනයා යුතුව ඇති බවත් නම සදහන් කිරිමට අකමැති රොහලේ වෛද්‍යවරයෙකු මීපුරට පවසා සිටියේය.