කඩා වැටුණ ලන්දේසි කුළුනේ කොටස් ආරක්ෂා කළ යුතුයි – ගම්වාසීන්ගෙන් ඉල්ලීමක්

0
85

අද අලුයම කඩා වැටී ඇති  කඳවල පිහිටා තිබූ ලන්දේසි කුළුන    පිළිබඳව විමර්ශනය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ ඇති බව වාර්තා වේ. ඔවුන් මෙය නැවත සංරක්ෂණය කිරීමට බලාපොරොත්තු වන බවද පවසා ඇති අතර ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පියවර ගැනීමට නියමිතය. තතු එසේ තිබියදී මෙම ස්ථානයේ කඩා වැටී ඇති කුළුනේ පෞරාණික ගල් කොටස් මෙම ස්ථානයේ අනාරක්ෂිතව තිබේ. ඒවා සමහර පුද්ගලයන් විසින් රැගෙන යාමට ද මේ වනවිට උත්සාහා දරන බවද මේ වනවිට ප්‍රෙද්ශවාසීන්ගෙන් වාර්තා වේ. එබැවින් මෙම ස්ථානයට ආරක්ෂාවක් අවශ්‍ය වන බව ඔවුන්ගේ අදහසයි. මෙම කුළුන නැවත ස්තාපනය කිරීමට හෝ සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යා දේපාරතමේන්තුව පියවර ගන්නා තෙක් මෙම කඩාවැටුණ කොටස් වල  ආරක්ෂා කිරීමේ වගකීම දරන්නේ කවුරුන්ද?