කඩිමුඩියේ කඩා දැමු ඩඩ්ලි සේනානායක මාර්කට් එක හදන්න නගරාධිපතිට සල්ලි නැතැයි හෙළිවේ !

0
107

ඩඩ්ලි මාර්කට් එක 2ඩඩ්ලි සේනානායක නමින් වු කාමච්චෝඩේ පිහිටි වෙළද පොල ගොඩනැගිල්ල කඩිමුඩියේ වෙළදුන්ටද තග දමා කඩා දැමුවේ මිගමුව නගරාධිපති දයාන් ලංසා විසිනි.
මේ නිසාම  දශක ගණනාවක් පුරාවට එහි කඩ පවත්වාගෙන ගිය වෙළදුන් විශාල පිරිසක් මේ වන විටත් අනාථය.
මෙසේ කඩිමුඩියේ කඩා දැමු පසු එය අලුතින් ඉදිකිරිමට මුදල් නැතැයි දැන් නගරාධිපති දයාන් ලංසා පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේය.
ඒ පසුගිය මහසභා රැස්විමේදිය.
නගරසභාවේ ඉදිකිරිම් වලට අදාල ඇති විවිධ චෝදනා හේතුවෙන් ඉල්ලා තිබුණ රුපියල් මිලියන 400 ක් ණය මුදල ප්‍රතික්ෂේප වි ඇතැයි ඔහු මේ අනුව පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් පළකළ මිගමුවේ ජේෂ්ඨ වෙළද ව්‍යාපාරිකයෙකු කියා සිටියේ ලංසා පවුලේ කොයිවැඩෙත් මේ වගේ තමයි  කියාය.
පසුගිය කාලය තුල මිගමුවේ දියත් කරන්නට යෙදුණු සියළු ව්‍යාපෘතින් පැහැදිලිව සුදු අලින් පමණක් බව ඉතා පැහැදිලි යැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
වසර ගණනාවක් යනතුරුත් තවමත් විවෘත කරගැනිමට බැරි වු කාමච්චෝඩේ වෙළද සංකිර්ණය පැහැදිලිව උදාහරණය බවද ඔහු කියා සිටියේය.මිගමුවෙ බස් නැවතුමේද පහල මාලය හැරෙන්නට ඉහල මාලය කිසිදු ප්‍රයොජනයකට ගත හැකි තත්වයක නැති බවද සැලය.