”කඩියෙක්” සපා කෑමෙන් මීගමුවේදි කාන්තාවක් මිය යයි.??

0
180

big antsලියනගෙමුල්ල බාබාගුරුවත්ත සීදුවේ පදිංචි 59 හැවිරිදි කාන්තාවක් බරපතල තත්වයකින් මීගමුව රෝහලට මාරුකර එවා තිබුනේ සිදුව විජයකුමාරතුංග රෝහලෙනි.
හේතුව ලෙසින් මීගමුව රෝහල් පොලිසියේ සටහන්ව ඇත්තේ කඩියෙකු සපා කෑමය.
ලලිතා පද්මිණි දිසානායන නැමැති මෙම කාන්තාව 2013 මැයි 26 වනදා දවල් 1 .17 මීගමුව රෝහලට ඇතුලත් කර තිබුණ අතර එදිනම 3.10 ට ඇය මියගොස් තිබුණි.
ඇගේ මරණය අසාත්මිකතාවක් හේතුවෙන් සිදුව ඇති බව දැනට නිගමනය කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
වැඩිදුර පරික්ෂණ සදහා මිය තැනැත්තියගේ සිරුරේ කොටස් කොළඹට යවා ඇතැයි මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා පවසා සිටි.