කඩුව නෑ පෑන
සටනට කඩුව නොව ඇත්තේ පෑනක්ය
ඇමතුම බලුට බලු නරියට නරියෙක්ය
උන් රජ වෙන්න දඟලනදා සටනක්ය
එතනදි පෑන ලෙලදෙන රණ කඩුවක්ය
ඒ රණ කඩුව නෑ කිසිදා ලෙයින් තෙමී
නිවැරදි මතය පණ පොවමින් අතට ගමී
නොනැමී කිසිම ජගතෙකු ළඟ පෙරට යමි
යුක්තිය හොයන තැන අත හිස පපුව දෙමි
මුදලට වාසියට බලයට උකස් කළ
පෑනක තිබෙනවද රණ ගොස යසස් බල
අවනඩු දකිනදා නොරැඳී හුඹස් තුළ
සටනට පණින පෑනක ඇත උසස් පල