කඩොල්උයන ජනතාවගේ අවධානය ඔබගේ අවධානයට

0
67

OLYMPUS DIGITAL CAMERAමෙය වර්ෂ 1983ක් වූ කාලයේදී ඉතා සුන්දර මනරම් වූ නිවාස සංකීර්ණයකට
පිඹුරුපත් සකසා ඉදිකෙරෙනු අදවන විට ඉතා මනරම් වූ නිවාස සංකීර්ණයකි. මෙහි
ජනයා ඉතා නිහතමානි නීතිගරුක අනේන්‍ය සබධතාවයකින් යුත් දිවියක් ගතකරන්නේ
ප්‍රදේශයේ ඇති සොදුරු වටපිටාව නිසාමයැයි අපගේ හැඟීමයි.
එහෙත් ටික කලෙක පටන් අප නිවාස සංකීර්ණයට ප්‍රවිෂ්ඨ වන ප්‍රධාන පාර අසලම
ප්‍රදේශ වාසීන්ට හිරිහැරයක් වී තිබීම කෙසේ නම් ඉවසිය හැකිද? තී්‍ර රෝදරථ උපාංග
අලෙවිසැලකින් ආරම්භ කරන ලද කාර්ය අද වන විට  ත්‍රිරෝද රෝද රථ අළුත්වැඩියා කිරීමේ
මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. එකී ත්‍රිරෝද රෝද රථ අළුත්වැඩියා කිරීම ඔවුන්ට අයත් බිම්
කඩ තුල සිදුවන්නේ නම් ප්‍රදේශවාසී අප හට කැක්කුමක් නැත. එහෙත් සිදුවන්නේ මාර්ගය
දෙපස ත්‍රිරෝද රෝද රථ අළුත්වැඩියාවන් සිදුකිරීමයි.
මෙයින් ඇතිවන පරිසර දූෂණය, අපට අයත් මාර්ගයේ අවහිරතාවයන්, ප්‍රදේශය තුල
අපගේ නිදහස් බව නොමැතිවීම, අළුත්වැඩියාවන් සඳහා පැමිණෙන යම්යම්
පුද්ගලයන්ගෙන් ප්‍රදේශවාසීන්ට ඇතිවන කායික පීඩාවන්, අයුතු රංචුගැසීම්, පරිසරය
අපවිත්‍රවීම නිසා අප ප්‍රදේශය තුල අප ජීවත්වන පීඩනයට වගකියන්නේ කවුද ? ඔවුන්ගේ
හයිකාරකම් ඉවසා දරාගැනීමට අපට සිදුව ඇත්තේ අපත් ඔවුනුත් අතර ඇති නොගැලපීම්
නිසාවෙන්ද ? මේතාක් පැමිණිලි කලද, වගකිවයුත්තන් නොදැක්කා සේද, නොඇසෙන්නා
සේද, නිදිසුව විදින්නේ කාගේ බලපෑම් මතද?
මදක් අවදි වන්න, අපගැනත් සිතන්න, ඔවුන් ගැනත් සිතන්න. ඔවුන් හට විකල්පයක්
ලබා දී අප මූණ පාසිටින මේ ව්‍යසනයෙන් අප මුදවාලන මෙන් බලධාරීන්ගෙන් හුදෙක්ම
ඉල්ලා සිටිමු. මේ අපගේ ආවේගයයි. කරුණාකර මේ පිළිබඳව අදාල අංශවල
ක්‍රියාකාරීත්වය කඩිනමින් යොමු වේවා.
කඩොල් උයන ප්‍රදේශවාසීන්