කඩොල් කැලේ ක්‍රිඩාංගනය මළල ක්‍රිඩා සඳහා මිගමුවේ ප්‍රධානතම ක්‍රිඩාංගනයයි.මෙයට අමතරව මිගමුවේ ජනප්‍රියතම ක්‍රිඩාවක් වන පාපන්දු ක්‍රිඩාවට අවශ්‍ය පහසුකම්ද සහිතය.
තතු මෙසේව තිබියද මේ ක්‍රිඩාංගනය රැක ගැනිම අරමුණු කොටගෙන විධ්මත් ක්‍රමවේදයක් සකස් කළ යුතුව ඇත්තේ කලක පටන් එය විනාශ මුඛයට ඇද දමා තිබෙන නිසාය.
මුදල් ඉපයිමේ පරමාර්ථය මුල් කොට විවිධ ව්‍යාපාරික කණ්ඩායම් සහ හමුදාවද පසුගිය කාලය තුල සැණකෙලි සහ සංගීත සංදර්ශණ සංවිධානය කර තිබුන අතර ඒ හේතුවෙන් ක්‍රිඩා පිට්ටනියට විශාල හානි සිදුව තිබුණි.




අදාල වැඩසටහන් වලින් කිසිදු පිලිසකර කිරිමක් හෝ පිරිසිදු කිරිමක් නොකරම මුදල් හම්බ කරගෙන ඒ කණ්ඩායම් යති.




පාඩුව ඇත්තේ මිගමුවේ ජනයා හටය.
මේ සම්බන්ධයෙන් බරපතල මැදිහත්විමක් ඉක්මනින්ම සිදුකල යුතුව තිබේ. හමුදාව විසින් සංවිධානය කර තිබුන සැණකෙලියෙන් පසු ක්‍රිඩාංගනයට බරපතල ලෙස හානිසිදුව ඇති ආකාරය ගැන නිරික්ෂණය කිරිමට එහි ගිය ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වන සංගිත් කියා සිටියේ කඩොල් කැලේ ක්‍රිඩාංගනය විනාශ කිරිමට කිසිවෙකුටවත් ඉඩ නොදිය යුතු බවය.