කඩොල් කැලේ ජනතාවගෙන් පලිගන්න ලංසා වැඩනැවැත්තු පාරට මොකද වෙන්නේ ??

0
29

Kkkel rd issueඇමති ලංසා පාරවල් හදන්නට දෙයියාය.සමරහක් පාරවල් කැඩිල නැතුව තියෙනකොටත් ආයෙත් කාපට් දානවා.
ඒ තරම් ඒ පාරවල් වල මිනිස්සුන්ට ආදරෙයි.
මේ ආදරේ තවත් වැඩිවෙන්නේ ඡන්දෙ කාලෙට .
ඒ කාලේ මොනවද නොබෙදන්නේ ?ඒත් මීගමුව කඩොල් කැලේ ජනතාවට මේදිනවල අතවිඳින්න වෙලා තියෙන්නේ පුදුම කරදරේකට.ඇයි ඇමති ලංසා පහුගිය පළාත් සභා මැතිවරණයට සතියක් තියෙන කොට කඩි මුඩියේ පුංචි ගල් කැට එහෙම බාලා පාර හදන වැඩේට බැස්ස.හැබැයි එයා හිතපු විදියට කඩොල් කැලෙන් එයාට ඡන්ද ලැබුනේ නැ.මේ හින්ද උරන වෙච්ච ඇමති ලංසා මොකද කලේ.පාර හදන එක එහෙම පිටින්ම නැවැත්තුවා.
මේ හින්ද මිනිස්සු අපා දුක්විදිනව. පාරේ යන්න බැ දුවිලි. ළමයි වයසක අය ලෙඩ වෙලා.ඇදුම රෝගේ තිබුන අය නිතර නිතර ලෙඩවෙනවලු.
ඒත් මේ පාර කවද හදයිද කියල මිනිස්සු බලන් ඉන්නම බැරි තැන පහුගිය කාලේ පෝස්ටර් එහෙමත් ගහල තිබුන.
හැබැයි නගරාධිපතිගෙන් ඇහැව්වාම එයා පල්ලියටත් පොරොන්දු වෙලා තියෙනවලු ඉක්මනින් හදල දෙනව කියල…