කඩොල් කැලේ පිට්ටනිය අයිති දයාන් ලංසාටද ?නගර සභාවටද?

0
176

category95මීගමුවේ නගර සභාව සතු ව්‍යාපාරික දේපල ක්‍රිඩා පිටි උද්‍යාන,බාහිර පුද්ගලයන් අතට පත්ව තිබිම පිළිබද ලබන සතියේ මහසභාවේදි විපක්ෂයේ රොයිස් විජිත මන්ත්‍රිවරයා  විසින් ප්‍රශ්ණ කිරිමට නියමිතය.
මේ අතර පසුගිය දිනක කතෝලික පල්ලිය විසින් කිසියම් ආගමික කටයුත්තක් සදහා දෙසැම්බර් මාසයේ කඩොල් කැලේ ක්‍රිඩාංගනය දින 2 කක් සදහා ඉල්ලා ඇති අතර අදාල කටයුත්ත සදහා නගරාධිපතිවරයා කඩොල් ක්‍රිඩාංගනය ලබාදිමට  කටයුතු කර ඇත.
එහෙත් පල්ලියට මෙසේ ක්‍රිඩා පිටිය ලබාදිම සම්බන්ධයෙන් උරණ වි සිටින්නේ දායන් ලංසාය. ඔහු පවසා ඇත්තේ සිරස කඩමණ්ඩියට පිට්ට්නිය දිමට අවැසි බවය.
ඔහු එසේ කියන්නේ කෙසේද ?
මෙය එක්තරා කාලයකදි ජුපිටර්ස් ක්‍රිඩා සමාජය වෙත ලබාදුන්නේ එකල එහි සභාපති නිමල් ලංසාගේ අඹ  යාළුවා වු ඩන්ස්ටන් ගොළුහේවා  වු බැවිනි.
එහෙත් පිළිපැදිය යුතු කොන්ෙද්සි රැසක් එහි විය.
ක්‍රිඩාපිටියේ නඩත්තුව එහි පළමුවැන්නයි.
එහෙත් මේ කිසිවක් ගිවිසුම් ප්‍රකාරව සිදුවුයේ නැත .ගිවිසුම් කොන්දේසි කඩකරන්නෙ නම් එය අහෝසි විම සමාන්‍ය නිතියයි. එය නිමල් ලංසා ගේ අඹ යාළුවාටද එසේමය.
ඒ අනුව දැන් කඩොල් කැලේ ක්‍රිඩා පිටිය අයත් වන්නේ නගර සභාවටය.
එහෙත් ජුපිටර්ස් ක්‍රිඩා සාමාජයේ සභාපති ලෙසින් දායන් ලංසා පත්කරගැනිමෙන් පසු ඔහු කල්පනා කළේ ක්‍රිඩා පිටිය ඔහුගේ බවය.
ඒ අනුව අවස්ථා ගණනාවකදිම මෙය කුලියට දි සල්ලි ගත්තේ ඔහු විසිනි.
එහෙත් මෙයට එරෙහිවන්නට නගරාධිපති  ඇන්ටනි ජයවීර ට පමණක් නොව විපක්ෂයටද නොහැකි විය.
ඒ පසුබිම යටතේ සරදියෙල්ගේ චරිතයට ඇන්ද දායන් ලංසා පිට්ටනිය ඔහුගේ ලෙසින් පාලනය කලේය.
දැන් යලිත් ජයවිරට කඩොල් කැලේ පිට්ටනිය නිති විරෝධි ලෙසින් භුක්තිවිදි දායන් ලංසා අභිමුඛ වි තිබේ එපමනක්ද නොව සිරසට නොදි පල්ලියට  දිම ගැන ඔහු උරණව නගරාධිපතිවරයාට දොස් පවරා ඇතැයිද   වාර්ථා වේ.
දැන් නගරාධිපතිවරයා යළිත් හරි මැදට පැමිණ ඇත.
එක්කෝ ඔහු ජනතාව වෙනුවෙන් නගර සභාවේ පැත්ත ගෙන දයාන් ලංසාට කඩොල් කැලේ පිට්ටනියෙන් හම්බකරන් කෑමට ඉඩ දිම නවතා දැමිය යුතුය..
නැතිනම් තම හාම්පුතාගේ මල්ලි වෙනුවෙන් පමණක්ම පෙනි සිටිය යුතුය.