කඩොල් කැලේ පිට්ටනිය ජනතා අයිතියට පවරාගනිමු.

0
248

මීගමුව වැඩියෙන්ම ජනප්‍රිය වි ඇත්තේ පාපන්දු ක්‍රිඩාවටය.ජාතික වශයෙන් නම් රැදුන කණ්ඩායම් කිපයක්ම මීගමුව කේන්ද්‍රකොටගෙන බිහිව ඇත.වාර්ථා වන අන්දමට විවිධ මට්ටම් නියෝජනය කරන පාපන්දු කණ්ඩායම් 16 පමණ මීගමුවේ සිටිති.මේ සියල්ල වෙනුවෙන් නගරයේ වැඩිම පහසුකම් ඇති ක්‍රිඩා පිට්ටනිය වන්නේ කඩොල් කැලේ ක්‍රිඩාංගනයයි.

මීගමුවේ  ඇති පොදුසේවා ස්ථාන බදුදිමේ ජනප්‍රිය වැඩපිළිවෙල යටතේ පසුගිය කාලය තුල මෙහි නඩත්තු කටයුතු වසර කිපයකට ජුපිටර්ස් ක්‍රිඩා සමාජයට බදු දි තිබුනද එකි බදු ගිවිසුමේ කොන්දේසි නිසි පරිද්දෙන් ඉටු නොකිරිම මත එය යළිත් මීගමුව මහනගර සභාවේ පාලනයට භාරවි ඇත.

එහෙත් මීගමුවේ දේශපාලනය චණ්ඩිකරණය වු පසු එයට බියටපත්වු මහනගර සභාවේ රාජ්‍ය නිලධාරින් සිතා සිටින්නේ කඩොල් කැලේ ක්‍රිඩා පිට්ටනිය තවමත් භුක්ති විදින්නේ ජුපිටර්ස්  ක්‍රිඩා සමාජය විසින් බවය.

මීගමුව මහනගර සභාවේ මහජන නියෝජිතයන් හට අද පැවරි ඇති ප්‍රමුඛ වගකමක් වන්නේ මේ ක්‍රිඩා පිටිය යළිත් මීගමුවේ බදු ගෙවන ජනයා සතු කරන දිමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here