කඩොල් කැලේ පිට්ටනිය නගරසභාවට පවර ගන්න කොමසාරිස්තුමිය බය ඇයි..???

0
77

මීගමුව චණ්ඩි දේශපාලකයන් විසින් සියළු රාජ්‍ය නිලධාරින් බියෙන් මුසපත් කර ඇත. මේ නිසාම තම රාජකාරිය නිසි ලෙසින් කිරිමට මේ අය බොහෝ විට කටයුතු නොකරන බව අපේ නිරික්ෂණයයි.

මේ සදහා ඉදිරිපත් කළ හැකි එක් පැහැදිලි නිදසුනක් වන්නේ මීගමුවේ කඩොල් කැලේ ක්‍රිඩාංගනය ඉතා පැහැදිලි ලෙසින් නගර සභා පාලනය යටතට නැවත ගෙන තිබුනද තවමත් එහි පාලනය භාරගෙන ආදාල නිතිප්‍රකාරව කටයුතු කිරමට මීගමුවේ නාගරික කොමසාරිස් මේ වන පසුබට වි ඇත.ලබන මස 9 වෙනිදා කඩොල් කැලේ ක්‍රිඩාංගනයේ පැවැත්විමට නියමිතව ඇති සංගිත සංදර්ශනයක් සදහා කිසියම් පිරිසක් විසින් එය වෙන්කරගෙන ඇත්තේ ජුපිටර්ස් ක්‍රිඩා සමාජය හරහා බව වාර්ථාවේ. මේ සම්බන්ධයෙන් අප මීගමුව නාගරික කොමාසාරිස් තුමියගෙන් විමසා සිටි අවස්ථාවේ ඇය පවසා සිටියේ ඒ ගැන සොයා බලා විග්‍රහ කොට ඒ අනුව කටයුතු කරන්නට බලාපොරාත්තුවන බවය. අප තවදුරටත් ඇගෙන් අසා සිටියේ ජුනි 9 දා දිනට මේ ක්‍රිඩාංගනය එහි නිසි වගකිමක නැති පිරිසක් විසින් අවසර ලබා දි ඇත්නම් එහි ඇති නිතිවිරෝධි බව සම්බන්ධයෙන් ඇය ගන්නා පියවර ගැනය. එහෙත් එයට පිළිතුරු නොදි ඇය දුරකථනය විසන්ධි කළාය.නගර සභාවේ සුභ සාධන අංශයේ ප්‍රධාන ලිපිකාරිනි අනෝමා මහත්මියගෙන් විමසා සිටි අවස්ථාවේ ඇය කියා සිටියේ කඩොල් කැලේ පිට්ටනිය ජුනි 09 වෙනිදා කිසියම් පිරිසක් විසින් වෙන්කර දි ඇතැයි යනුවෙන් කටකතාවක් පැතිර යන බව පමනක් තමන් දන්නා බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here