කඩොල් පැල සිටුවිම සහ මිගමුවේ තවත් කථා….

0
60
මිගමුව ප්‍රාදේශිය ලේකම් තුමිය

මීගමුව නගරයට කලපුව කියන්නේ හරියට නගරයේ හදවත වගේ . ඒ් හදවත පණගැහෙන තැන බවට පත්වෙලා තියෙන්න‌ෙ කඩොලාන පරිසර පද්ධතිය.
ඒ ගැන වගක් නැති මිනිස්සු කඩොලාන කපල විනාශ කරල දැනටමත් මිගමුවේ හදවතේ ප්‍රාණ නාලිකා අප්‍රාණික කරල.
එහෙම පසුබිමක ,නිදහස් දිනය වෙනුවෙන් සහ රැම්සා තෙත් බිම් දිනය නිමිති කර ගනිමින් මිගමු ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මිගමු කුරණ ප්‍රදේශයේ කලපු තොටුපලක් ලග කඩොලාන පැල සිටුවිමක් සංවිධානය කර තිබුණා
ඒ් පහුගිය 02 වෙනිදා .



කුරණ ග්‍රාම නිළධාරි දරිජු මහත්තයා කලපු ධිවර සමිතිත් ඒක්ක ඒකතුවෙලා තමයි මේක සංවිධානය කරල තිබුන‌ෙ.
ඇත්තටම මේ වැඩේ එක්ක අපට මතක් වෙන අතිත කථාවක් තියෙනව. ඒක නොලියා හිටියොත් ඇත්තටම අපේ මාධ්‍ය භාවිතයටත් හරි නැ.
මොකද මිට අවුරුදු ගානකට ඉස්සර වෙලා මිගමු නගර සභාවේ නගරාධිපති හැටියට නිමල් ලංසා ඉන්න කාලේ ජල ව්‍යාපෘතියකට කියල මිගමුවේ කඩොල් කැලෙන් අක්කට 8 ක්ම කපල ගිනි තියලා විශාල විනාශයක් කලා.

හිටපු නාගරික මන්ත්‍රි ඩන්ස්ටන් කඩොල් පැල සිටුවමින්


මේ විනාශය වෙන්න හැරල ඒ් කාලේ ප්‍රාදේශිය ලේකම් හැටියට වැඩකරපු ශාන්ත කේ. මුහුන්දිරම් කියන මනුස්සයා නිවාඩුදාල මගඇරලා හිටියා.
ඒදා එහෙම වුනොත් පහුගිය 02 වෙනිදා කඩොල් හිටවන වැඩේට මුලිකත්වය අරන් පළවෙනි කඩොල් පැලේ හිටෙව්වා මිගමුවෙ ප්‍රාද‌ේශිය ලේකම් නෝනා.
අනික දෛවයේ සරදම කියන්නේ ඒදා නිමල් ලංසාගේ කිමට කඩොල් අක්කර 8 ක් කපල විනාශ කරපු කුරණ නාගරික මන්ත්‍රි ඩන්ටිත් ඇවිත් හිටිය කඩොල් පැල හිටවන්න .
ඉතින් මේ ටික නොලිව්වොත් හරි නැ නේද ??
ඩන්ටිල දැන්වත් තේරුම් ගනියි පරිසරයට ආදරයක් නැති දේශපාලුවො කිව්ව නිසාවත් කඩොල් කපල විනාශ කරන එක හරි නැ කියල
තවත් දෙයක් ලිවිය යුතුමයි. මේ කඩොල් විනාශයට එරෙහිව එදා මිගමුවෙ ධිවරයන් වෙනුවෙන් හෝ කලපුව ගැන කථාකරනවා යැයි කියපු කිසිම සංවිධානයක් විරෝධයක් පළකරනවා තබා මීක් කියා කිවේද නැත.
ලංකාවේ බොහෝ සංවිධානවලට කඩොලාන , පරිසරය වැනි දේවල් ගැන කථා කරන්නට කටවල් ඇරෙන්නේ ඒවා ඔවුන්ගේ ව්‍යාපෘති තුල ඇත්තේ නම් පමණි.