කඩොලාන අක්කර 08 ක් විනාශ කරපු අයට දිය යුතු අපුරු දඩුවම ?

0
48

බන්දුල සහ ඩන්මීගමුව තුල හෝ ජාතික වශයෙන් කිසිදු අවධානයකට යොමු නොවු මීගමුවේ කඩොලාන අක්කර 8 ක් කපා විනාශ කිරිමේ දැවැන්ත පාරිසරික අපරාධයක් සිදුවිය.
මීගමුව තුළ පිහිටා ඇති කඩොලාන වන සම්පත ද පාරසරික වටිනාකම් රැසක් තිබෙන ස්වභාවික වන සම්පතකි. මෙහි අක්කර 26 ක පමණ  භුමි භාගයේ පිහිටා ඇති අතර තවත් කඩොලාන වන ගහනයකින් සමන්විත  කලපු  දූපත් 13 මීගමුව කලපුව තුළ පිහිටා තිබේ.
මෙම කඩොලාන රක්ෂිතයෙන් අක්කර 08ක් පමණ ප්‍රමාණයක්  කිසිදු අවසරයකින් තොරව කපා විනාශ කරන ලදී.
මෙය සිදුවූයේ එවකට හිටපු ප්‍රා.ලේකම්වරයෙකු වන ශාන්ත කේ මුහන්දිරිම් නැමැත්තාගේද පුර්ණ සහයෝගයෙනි.
පානිය ජල ව්‍යාපෘතියකට අවැසි පර්චස් 100 ක ඉඩක් වෙනුවෙන් අක්කර 8 ක් කපා දැමිමට මුලිකත්වය ගෙන තිබුනේ ශ්‍රිලනිප නාගරික මන්තින් වන බන්දුල නාඔටුන්න සහ ඩන්ස්ටන් හෙවත් ඩන්ටි යන මන්ත්‍රින් දෙදෙනාය.
ඒ එවකය නගරාධිපතිව සිටි නිමල් ලංසාගේ උවමනාව අනුවය.
එහෙත්  කඩොල් විනාශය කළ කිසිවෙකුත් අත්අඩංගුවට ගැනුනේ නැත.
දැන් මේ දෙදෛනාම පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලති.
මෙවරද පොහොට්ටුවේ අතිබහුතරයක් අපේක්ෂකයන් මෙවැනි දුෂිතයන්ය.
මේසේ කඩොල් කැපිමට එරෙහිව මිපුර පුවත්පතේ අපි තනි සටනන් ගෙනගියෙමු.අපට එරෙහිව දැවැන්ත විරෝධයක් නිමල් ලංසා ඇතුළු නාගරික මන්ත්‍රි මණ්ඩලය නගර සභාව තුලත් ඉන් පිටතතදිත් එල්ලකොට තිබුණි.
එදා මීගමුව මහනගර සභාව තුල මෙයට එරෙහිව බරපතල ලෙසින් මැදිහත්වුයේ විපක්ෂ නායක රොයිස් විජිත පමණි.
දෛවයේ සරදමක් සේ අද කඩොල් උයන කොට්ටාශයට තරග වදින්නේද ඔහුය.
ඔහුගේ ප්‍රතිවාදියා ගැනද සදහනක් කළ යුතුමය.
එදා නිමල් ලංසා පාලනය කඩොල් අක්කර 08 ක් කපද්දි ඊට එරෙහි අප ගෙන ගිය තනි සටනට අපත් එක්ක එදා හිටපු කඩොල් කැලේ රමේශ් අද නිමල් ලංසාත් සමගින් හිටගෙන සිටිම තරම් ඛේදවාචකයක් තිබිය හැකිද ???